Home Local News Room : විපක්ෂනායක රට හෙල්ලෙන හෙළිදරව්වක් කරයි! මහබැංකුව ‌කොල්ලකාපු කණ්ඩායම ආයෙත්...

News Room : විපක්ෂනායක රට හෙල්ලෙන හෙළිදරව්වක් කරයි! මහබැංකුව ‌කොල්ලකාපු කණ්ඩායම ආයෙත් වැඩේට බැහැලා! අලුත් ක්‍රමේට මහබැංකුවට වැඩක් දෙන්න හදනවා! මේක රටම අවදි විය යුතු හෙළිදරව්වක්! එදා මහබැංකු කොල්ලය ගැන කතා කරපු එවුන් නිහඬව ඉඳිද්දී සජිත් සටන අත් නොහරී! (VIDEO)

8
0

මේ රටේ මහ බැංකුව මහ දවල් මංකොල්ල කෑව,ඒ වගේම කනකම් බලාගෙන හිටපු සමහරුන්ට මේ වතාවෙත් මහ බැංකුව කඩා ගන්න බැරි උනාම මොන ක්‍රමයකින් හරි තමන්ගෙ හෙංචයියන් පිරිසක්  පත්කරගන්න උත්සාහ කරන බව පෙනෙන්නට ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මහ බැංකු අධිපතිවරයා ප්‍රමුඛ මහ බැංකුවට චෝදනා එල්ල කරමින් මුට්ටිය දාමා බලන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

නැවත මහ බැංකුව කැඩීම සඳහා ඒ වැඩේට හරියන ගජමිතුරු කල්ලියක් මහ බැංකුවට පත් කරගත්තම එයා  වඩා පහසු බව ඔවුන් දන්නා බව පැවසූ විපක්ෂ නායකතුමා ජාතික ලැයිස්තුවෙන් පිනට පත් වූ සමහරු ඊට කැස කවන බවද පැවසීය.

මහ බැංකුව කැඩීම ගැන එදා දිනේෂ් ගුණවර්ධන මහතා කළ ප්‍රකාශය නැවත Replay කරන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි විපක්ෂ නායකතුමා වර්තමානයේ දී මේ රටේ ආර්ථිකය බංකොලොත් කරන්න මුල් වෙච්ච සියලු දෙනා රතු පලස් උඩින් බොහොම සුරක්ෂිතව එගොඩ කර ඇති බවත් පැවසීය.

ආර්ථිකය බංකොලොත් කරපු එක පුද්ගලයෙක් පොත් ලියන බව කී විපක්ෂ නායකතුමා ආර්ථිකය බංකොලොත් කරපු තව පුද්ගලයෙක් අළුමතින් නැගිටින්න හදන බවත් තවත් සමහරු එහෙම නැගිටින අයට ඔක්සිජන් දෙන බවත් කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here