Home Local News Room : මහින්දගේ පිරිතට ආ ගෝඨාවයි බිරියවයි මහින්දගේ පවුලේ අය ගණන්...

News Room : මහින්දගේ පිරිතට ආ ගෝඨාවයි බිරියවයි මහින්දගේ පවුලේ අය ගණන් අරන් නෑ! (PHOTOS)

5
0

මහින්ද රාජපක්ෂ මහතාගේ 77 වන උපන්දිනය නිමිත්තෙන් ඊයේ රාත්‍රී තංගල්ල නගර ශාලාවේ පැවැති පිරිත් දේශනයට සහභාගී වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බිරිය වූ අයෝමා රාජපක්ෂ මහත්මියව මහින්ද රාජපක්ෂ පවුලේ සාමාජිකයන් විසින් ගණන් ගෙන නොමැති බව වාර්තා වේ.

රටින් පළා ‌යාමෙන් අනතුරුව නැවත ලංකාවට පැමිණි පසු ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බිරිය සහභාගී වූ පළමු ප්‍රසිද්ධ අවස්ථාව මෙය ලෙස සැලකේ.

ඊට සහභාගී වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සමග මහින්ද රාජපක්ෂ මහතා පමණක් කෙටි පිළිසදරක යෙදී ඇති නමුත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය හෝ නාමල් රාජපක්ෂ මහතා ඔහු සමග කතාබස් කොට නොමැති බව දැනගන්නට ඇත.

ධර්ම දේශනාව ශ්‍රවණයට පැමිණි බොහෝ දෙනා හට මේ බව පැහැදිලිවම දැකගන්නට ලැබී ඇති බව දැනගන්නට ඇත.

කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරන සමයේදී අයෝමා රාජපක්ෂ මහත්මියද මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයන් එතරම් ගණන් ගෙන නොමැති බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here