පාසල් ළමුන් අතර ලාදුරු රෝගය ව්‍යාප්ත වීම ඉහළ ගොස් ඇති බවත් අනුරාධපුර හා කුරුණෑගල දිස්ත්‍රික්කවල මෙන්ම බස්නාහිර පළාතේ මෙම රෝගය ව්‍යාප්තවීමේ අවදානම වැඩි බවත් ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය අනතුරු අඟවයි.
මේ වසරේ වාර්තා වී ඇති ලාදුරු රෝගීන්ගෙන් 15%ක් පාසල් සිසුන් වන බව ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර කියා සිටී.
ඒ අනුව මේ වසරේ පළමු මාස 07 තුළ ලාදුරු රෝගීන් 450 දෙනෙකු මෙරටින් වර්තා වී තිබේ.






