පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට බලය තිබියදී ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ගැනීමට කොමිසම කටයුතු කරන්නේ ඊට මුවාවී මැතිවරණය කල් දැමීමේ අරමුණින් බව ජී.එල් පීරිස් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එසේ කිරීමට සූදානම් වුවහොත් වහාම අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවීමට පියවර ගන්නා බවකි.






