Home Local News Room : කංජිපානිගේ තාත්තාට මන්නයකින් කොටා තුවාල කළා කියපු ‘මන්න කන්නා’ට...

News Room : කංජිපානිගේ තාත්තාට මන්නයකින් කොටා තුවාල කළා කියපු ‘මන්න කන්නා’ට අද උදේම වෙඩි උණ්ඩ 2ක් වදී! තත්ත්වය බරපතළයි!

3
0

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මාරිමුත්තු ගනේෂ් රාජා නොහොත් මන්න කන්නා නමැත්තා ග්‍රෑන්පාස් නවගම්පුර ප්‍රදේශයේ අද සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර  ඇතැයි ග්‍රෑන්ඩ්පාස්  පොලිසිය කියයි 

වෙඩි ප්‍රහාරය ඔහුගේ හිසට සහ පාදයකට වැදී ඇතැයි පොලිසිය පවසයි.

මොහු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන  කංජිපානි ඉම්රාන්ගේ පියාට මන්නයකින් පහරදී බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු තවත් පුද්ගලයන් රැසකට තියුණු ආයුධවලින් පහර දී තුවාල සිදු කිරීමේ චෝදනා ලැබ සිටින බවත් පොලිසිය කියයි

වරින් වර පදිංචි ස්ථාන වෙනස් කරමින් රැඳී සිටි මෙම පුද්ගලයා නවගම්පුර ප්‍රදේශයට මත්කුඩු පානය කිරීම සඳහා අද පැමිණි අවස්ථාවේදී  යතුරු පැදියකින් පැමිණ තිබු නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබූ බව පොලීසිය සඳහන් කරයි

ග්‍රෑන්ඩ්පාස්  පොලිසියට අමතරව කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here