Home Local News Room : ආතල් එකට රේස් ගිය ‌අවුරුදු 18ක කොල්ලො දෙන්නෙක් මුහුණට...

News Room : ආතල් එකට රේස් ගිය ‌අවුරුදු 18ක කොල්ලො දෙන්නෙක් මුහුණට මුහුණ හැප්පී එතනමයි!

3
0

විනෝදයට, යතුරුපැදි ඒ මේ අත පදවමින් සිටි තරුණයන් දෙදෙනකුගේ යතුරුපැදි මොරන්තුඩුව ගෝනදූව ප්‍රදේශයේදී ඊයේ (18) මධ්‍යම රාත්‍රියේදී මුහුණට මුහුණ ගැටීමෙන්  තරුණයන් දෙදෙනා එම ස්ථානයේම මිය ගොස් ඇතැයි මොරන්තුඩුව පොලීසිය සඳහන් කරයි.

අනතුරින් මියගොස් ඇත්තේ වාද්දුව පොතුපිටිය  පනාපිටිය පාර  පදිංචිව සිටි යසිරු සම්පත් ප්‍රනාන්දු  හා  වාද්දුව දෙල්දූව අරියගම පදිංචිව සිටි සංදේශ් සුලෝචන පියරත්න නමැති 18 හැවිරිදි තරුණයන් දෙදෙනා ය.

මියගිය තරුණයන් දෙදෙනා තවත් තරුණයන් පිරිසක් සමඟ  විනෝදයට කළුතර බණ්ඩාරගම මාර්ගයේ ඒ මේ අත යතුරුපැදි පදමින් සිටියදී අධික වේගයෙන් ගමන් ගත් මියගිය තරුණයන් දෙදෙනාගේ යතුරුපැදි මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මියගිය තරුණයන් දෙදෙනා සමග යතුරුපැදි පදිමින් සිටි සෙසු තරුණයන් අනතුර සිදුවූ පසු පළාගොස් ඇතැයි පොලීසිය කියයි.

මොරොන්තුඩුව පොලීසියේ නිලධාරීන් පැමිණ බරපතළ තුවාල ලබා මාර්ගයේ වැටී සිටි  තරුණයන්  දෙදෙනාව මොරන්තුඩුව ගෝනදූව ප්‍රාදේශීය  රෝහලට ඇතුළත් කරන  විටත් ඔවුන්  මියගොස් සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here