ට්විටර් සමාගමේ සියලු කාර්යාල ගොඩනැගිලි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමන බවත් එම කාර්යාල ලබන සඳුදා (21) නැවත විවෘත කරන බවත් සේවකයින්ට දැනුම්දී තිබේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ විවිධ මාධ්‍යවල පුවත්පත් හෝ වෙනත් ස්ථානවල රහස්‍ය සමාගම් තොරතුරු සාකච්ඡා කිරිමෙන් වලකින ලෙස ට්විටර් සමාගමේ හිමිකාර්ත්වය සේවකයින්ගෙන් ඉල්ලීමක් කර ඇති බවය.
ට්විටර් සමාගමේ නව හිමිකරු ඉලොන් මස්ක් එම සමාගමේ සේවකයින් වෙත ඊමේල් පණිවුඩයක් යවමින් තවදුරටත් දන්වා ඇත්තේ ට්විටර් සේවකයින් “දිනකට වැඩි වෙලාවක් දැඩි කැපවීමකින් යුතුව වැඩ කළ යුතු බවත් නැතහොත් ඔවුන් සමාගමෙන් ඉවත්ව යා යුතු බවත්ය.”
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ සමාගමේ රැඳී සිටීමට කැමති සේවකයින් ඊට අදාළව ප්‍රතිඥාවක් දීමට එකඟ විය යුතු බව මස්ක් සේවකයින්ට දන්වා ඇති බවය.
එම ප්‍රතිඥාවට අද (18) වනවිට සිය එකඟතාවය පළ නොකරන සේවකයින්ව මාස තුනක වැටුප් සමග සේවයෙන් ඉවත් විය හැකි බව ඉලොන් මස්ක් පවසා ඇත.
“සාර්ථක වීම සඳහා අපි දැඩි ලෙස කැපවිය යුතුයි,” යනුවෙන් ඔහු තම සේවක මණ්ඩලයට දන්වා ඇතැයිද පැවසේ.
ඉලොන් මස්ක් සැලකෙන්නේ ලොව ධනවත්ම පුද්ගලයා ලෙසය.






