Home Local News Room : ශෂී වීරවංසට එරෙහි අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමේ නඩුව කැඳවීමට...

News Room : ශෂී වීරවංසට එරෙහි අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමේ නඩුව කැඳවීමට දින නියම කරයි – Lanka Truth | සිංහල

3
0

හිටපු ඇමති විමල් වීරවංසගේ බිරිඳ වන ශෂී වීරවංසට එරෙහි, රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධ නඩුව විභාගය සඳහා පෙබරවාරි මස 24 වන දා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම අද (18) නියම කර තිබේ.

රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අසත්‍ය තොරතුරු ඇතුළත් අයැදුම්පතක් ආගමන හා විගමන පාලකවරයා වෙත ඉදිරිපත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඇයට එරෙහිව අදාළ නඩුව ගොනු කර ඇත.

එම නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ ඉදිරියේ කැඳවනු ලැබූ අතර නඩුව පෙබරවාරි මස 24 වන දා කැඳවන අවස්ථාවේ සාක්ෂිකරුවන්ද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා උපන් දිනය පිළිබඳ අසත්‍ය තොරතුරු ඇතුළත් අයැදුම්පත්‍රයක් ආගමන සහ විගමන පාලකවරයා වෙත ඉදිරිපත් කිරීම තුළින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එම නඩුව ගොනුකර තිබිණි.

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරු කෙරුණු ශෂී වීරවංශට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය බරපතළ වැඩසහිත වසර දෙකක සිර දඬුවම් හා රුපියල් ලක්ෂයක දඩයක් මැයි මස 27 වන දා නියම කළ අතර පසුව එම දඬුවමට එරෙහිව ඇය විසින් අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වනවිට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදාහැර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here