Home Local News Room : වාර විභාගයේ ප්‍රශ්න පත්තරයයි උත්තර පත්තරයයි දෙකම සිසුන් ළඟ!...

News Room : වාර විභාගයේ ප්‍රශ්න පත්තරයයි උත්තර පත්තරයයි දෙකම සිසුන් ළඟ! වහාම ප්‍රශ්න පත්‍රය අත්හිටුවයි!

4
0

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන පාසල් වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර නිකුත් වී ඇතැයි කියන තත්වයක් හේතුවෙන් පාසල් රැසක් විභාගය අත්හිටුවීමට තීරණය කර ඇත.

බස්නාහිර පළාතේ සියලුම පාසල්වල 10 සහ 11 යන ශ්‍රේණි සඳහා මෙම විභාගය අද (18) පස්වැනි දිනට පැවැත්වෙන බවත්, බස්නාහිර පළාත විභාගයට යොමු කරන ප්‍රශ්න පත්‍ර දින කීපයකට පෙර සිට දරුවන් අතර සංසරණය වන බවත් දැනගන්නට ඇත.

දරුවන් සතුව ප්‍රශ්න සහ පිළිතුරු යන පත්‍ර දෙකම තිබියදී විභාගයක් පැවැත්වීමේ ප්‍රයෝජනයක් නොමැති බවත් ඒ හේතුවෙන් කොළඹ පාසල් රැසක් විභාගය අත්හිටුවීමට තීරණය කර ඇති බවත් වාර්තා වේ.

මෙම තත්වය යටතේ විභාගය පැවැත්වීමට සහ පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීමට ගුරුවරු කාලය සහ ශ්‍රමය වැය කිරීම ප්‍රතිඵල රහිත ක්‍රියාවත් බවත්, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ පිළිබඳව වහාම පරීක්‍ෂණයක් කළ යුතු බවත් විදුහල්පතිවරු පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here