Home Local News Room : වසන්තවයි සිරිධම්ම හිමියි තවදුරටත් රඳවා ගැනීම අසාධාරණයි! නීති විරෝධියි! ජාත්‍යන්තර...

News Room : වසන්තවයි සිරිධම්ම හිමියි තවදුරටත් රඳවා ගැනීම අසාධාරණයි! නීති විරෝධියි! ජාත්‍යන්තර වශයෙන් රටටත් අයහපත්! මානව හිමිකම් කොමිසම ආණ්ඩුවට දැනුම් දෙයි!

2
0

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත  මුදලිගේ සහ  ගල්වැව සිරිධම්ම  හිමියන් ගේ   රඳවා ගැනීම  තවදුරටත්  දීර්ඝ කරන්නේ නම් එය අසාධාරණ සහ ව්‍යවස්ථානුකුල නොවන බවත්  එය  ජාත්‍යන්තර වශ‍ෙයන් රටට අයහපත්  ප්‍රතිඵල ගෙනදිය  හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

ඔවුන් සම්බන්ධයෙන් රඳවා ගැනීමේ නියෝග තවදුරටත්  දික්කිරිම  නොකරනු  ඇතැයි  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අපේක්ෂා කරන බවද එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

වසන්ත මුදලිකේ සහ ගල්වැව සිරිධම්ම හිමි යන අය ත්‍රස්තවාදය වැළැක්වීකම් පනත යටතේ රඳවාගැනීමේ  නියෝග තවදුරටත් දීරඝ කිරිම   සාධාරණ නොවන බව ට ලංකා මානව හිමිකම් කොමිසම් සභාව ඉකුත්  ඔක්තෝම්බර් මස 29:දින  ජනාධිපතිවරයා වෙතද දැනුම් දුන් බවට ද එම කොමිෂන් සභාව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here