මේ වනවිට රට තුළ අත්‍යාවශ්‍ය ඖෂධවල දැඩි හිඟයක් පවතින අතර, දැනට ඇති සීමිත ඖෂධ ප්‍රමාණයේ ද මිල සීඝ්‍ර ලෙස ඉහළ යාම නිසා රෝගීන්ට එම ඖෂධ මිළට ගැනීමට නොහැකි වාතාවරණයක් උදා වී ඇතැයිද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එය සමස්ත ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි ප්‍රබල තර්ජනයක් ඇති කරනු ලබන බැවින්, සෞඛ්‍ය ක්ෂේත්රයේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් රජය සුවිශේෂී අවධානයක් කඩිනමින් යොමු කළ යුතුව ඇතැයිද විපක්ෂ නායකතුමා පැවසීය.
මේ පිළිබඳව විපක්ෂ නායකතුමා අද 27/2 යටතේ ප්‍රශ්න කිහිපයක් නගනු ලැබීය.