“පරිසර හිතකාමී ආර්ථිකයක් හදනවා කියලා. ඉතිං හොඳයිනේ. ඩිජිටල් ආර්ථිකයක් ගැන කියනවා. නමුත් 2019 ආණ්ඩුව මීටත් වඩා ඩිජිටල් ආර්ථිකයක් ගැන කතා කළා. නමුත් මේවා හරයෙන් තොර කතන්දර පමණයි. තව කියනවා 2025 වෙනකොට ආර්ථික වර්ධන වේගය 07ට 08ට ගේනවා කියලා. මේ තියෙන තත්වය අනුව කොහොමද ඒක කරන්නේ. මේ නිකන් කතා විතරයි. මෙහෙම තත්වයක් තුළ මේකට ප්‍රශස්ථි ගායනවා කරන තවත් පිරිසක් ඉන්නවා. එහෙම කරන විද්වතුන් කණ්ඩායමක් ඉන්නවා. නමහරු දැනුවත්ව කරනවා. සමහරු නොදැනුවත්ව කරනවා. ඒ නිසා මම ඒ අයගෙන් ඉල්ලනවා ජනතාව පීඩාවට පත්කරමින් දූෂිත කණ්ඩායමක් තමන්ගේ බලය තහවුරු කරගන්න උත්සහයට උදව් කරන්න එපා කියලා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ අයවැය ජනතාව වෙනුවෙන් නෙවෙයි ඉතාමත් දූෂිත කල්ලියක් වෙනුවෙන් කියලා. ඒ නිසා අපි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය විදියට අපි ජනතාව දැනුවත් කරන්න ඉදිරිපත් වුනේ. මේ අය අපිට පෙන්වනවා මේ ලෙඩා ගොඩගන්න යන්නේ රටම ශල්‍යාගාරයක් වගේ කියලා. නමුත් අපි කියනවා මේ ඉන්නේ හොර දොස්තරලා කණ්ඩායමක් ජනතාවගේ අතපය ගලවන වදකාගාරයක් මේක. ලෙඩා බේරෙන්නේ නැහැ. ලෙඩා මැරෙනවා. ඒකෙන් බේරගන්න අපි මැදිහත් වෙනවා.” යැයි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි
ඔහු මේ බව පැවසූවේ “බදුබර අහසට! අයවැය කාටද?” යනුවෙන් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය විසින් ඊයේ (17) දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වූ සම්මන්ත්‍රණය අමතමිණි,
මෙම සම්මන්ත්‍රණය සඳහා ජාතික ජන බලවේගයේ ආර්ථීක කවුන්සිලය නියෝජනය කරමින් කැළණිය විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා අංශයේ මහාචාර්ය සීතා බන්ඩාර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දයානන්ද අම්බලන්ගොඩගේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති, ශ්‍රී ලංකා පරිපාලන ආයතනයේ හිටපු ජේෂ්ඨ උපදේශක කතිකාචාර්ය ශාන්ත ජයරත්න, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජනක් කුමාරසිංහ, වරලත් ගණකාධීකාරි, ආර්ථික විශ්ලේෂක සුනිල් ගමගේ යන අය එක් වී සිටි අතර එහිදී මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු දැක්වූ සම්පූර්ණ අදහස් පහතින් පල වේ.
“ඔබ මේ වනවිටත් දන්නවා අපේ රට පාලනය කරන්නේ අයවැය හදන්නේ ඉතාම දූෂිත කණ්ඩායමක් කියලා. දූෂිත කණ්ඩායමක් විසින් සකස් කරන අයවැයක තාක්ෂණික කාරණා අයවැයට පලදායි වෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කිරීම ඒ තරම් සාර්ථික වෙන්නේ නැහැ. මොකද ඔවුන් මේ අයවැය සකස් කරන්නේ දූෂිත ක්‍රමය පවත්වාගෙන යන්න මිසක් ආර්ථිකය දියුණු කරන්න නෙවෙයි. නමුත් අපි හිතමු දූෂිත නොවන ඇත්ත වුවමනාව තියෙන කණ්ඩායමක් හදන අයවැයක් කියලා. ඒකෙත් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් එවැනි අයවැයක් ගැන සාකච්ඡා කිරීම වැදගත් දෙයක් වෙනවා. ඒකත් අපි දැනගෙන ඉන්න ඕනෑ.
මේ අයවැය කාටද? කෝටි දෙකක් වෙනුවෙන් මේ අයවැය යෝජනා හදන්නේ ඉතාම සුළු කණ්ඩායමක්. ඒ නිසා ලැබැඳියාවන්ගේ ගැටුමක් එනවා. දූෂිත කණ්ඩායමක් ඒ තීන්දු තීරණ ගන්න විට මේ ලබැඳියාවේ ප්‍රශ්නය දෙගුණ තෙගුණ වෙනවා. ඒ නිසා මේ අයවැය ගත්තොත් හුදෙක් ජනතාව වෙනුවෙන් නොව ආණ්ඩු බලය පවත්වාගෙන යෑම අරමුණෙන්ම සක්ස කරන ලද අයවැයක්. ඒක හොඳටම පැහැදිලියි. මොකද මේ අයවැය යෝජනා අයිඑම්එෆ් යෝජනා අනුවම තමයි සකස් කරලා තියෙන්නේ. 2025 වනවිට ආණ්ඩුව පෙන්වන්න ඕනෑ අයවැය ශේෂය +2.3ක් කියලා. ප්‍රාථමික ශේෂය -5.4 සිට +2.3ක් දක්වා ගේන එක පහසු කාර්යයක් නෙවෙයි. ආදායම් වැඩි කරගන්න ඕනෑ. පොළි හැර අනෙක් වියදම් අඩු කරගන්න ඕනෑ. ඒ වගේම දළ දේශීය නිෂ්පාදනයත් මේකට බලපානවා. ඒ නිසා මේ සංඛ්‍යා ලේඛනවල තිබෙන දේවල් යථාර්ථයක් වෙන්නේ නැහැ. ආර්ථිකය එන්න එන්නම හැකිළෙනවා.
සමස්ත අයැවය හිගය බිලියන 2,400 ගණනක් වෙනවා. ඒ නිසා ණය ගන්නට වෙනවා. මේ තියෙන තත්වය අනුව විදේශීය අංශයෙන් ණය ගන්න අපහසුයි. නමුත් ආණ්ඩුව කියනවා ණය ගන්නවා කියලා. නමුත් ඒ ගන්න ණය පිළිබඳවත් කිසිදු පැහැදිලිතාවයක් නැහැ. නමුත් දේශීය ණය ගන්න පෙළඹුම වැඩියි. එහෙම උනොත් පොළී අනුපාතය විශාල ලෙස ඉහළ යනවා. ඒ මගින් මහජනතාවට දැනෙන බර මේ අය සාකච්ඡා කරන්නේ නැහැ.
ගත්ත ණය ගෙවීම සම්බන්ධයෙන් ණය ගැනීමට සිදුවෙනවා. ඒ අනුව රුපියල් ට්‍රිරලියන 05කට ආසන්න ප්‍රමාණයක් ණය ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ මගින් තවදුරටත් සිදුවෙන්නේ ණය උගුලේ හිරවීමයි. ඒ නිසා බදු වැඩි කිරීම අනිවාර්යයක්. අනෙක් තමයි දිගුකාලීන සැලැස්මක් නැති ආණ්ඩුව කෙටිකාලීනව කරන එකම දේ විකිණීම. ඒ නිසා තමයි ලාබ ලබන රාජ්‍ය ව්‍යාපාර පවා විකුණන්න හදන්නේ. විකුණලා ගන්න සල්ලිවලින් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූගතකරනවා කියලා ආර්ථිකය දියුණු කරන බවක් කියනවද නැහැ. කරන්න යන්නේ විදෙස් සංචිත වැඩිකිරීමයි. ඒක අයිඑම්එෆ් කොන්දේසියක්.
අයවැයේ පදනම් විරහිත නමුත් ලස්සන ප්‍රකාශ ගණනාවක් තිබෙනවා. හැම අවුරුද්දකම අපනය ආදායම ඩොලර් බිලියන 03කින් වර්දනය කරනවලු. නමුත් කරන්නේ කොහොමද කියලා නැහැ. මේ ගණන ඩොලර් බිලියන 04 කියන්නත් තිබුණා. 05ක් කියන්නත් තිබුණා. ඒ නිසා බුද්ධිමත් කණ්ඩායම් මේවා ප්‍රශ්න කළ යුතුයි. ලංකාවේ මූල්‍ය පිළිබඳ දැනුම ඉතාම අඩු මට්ටමක තිබෙන්නේ. ඒක ආණ්ඩුව හොඳට දන්නවා. ඒ නිසා තමයි මේ ජනතාව නොමඟ යවන සුළු යෝජනා ඉදිරිපත් කරන්නේ. තව කරුණක් කියනවා. ඉදිරි වසර 10 ඇතුළත විදේශ ආයෝජන වසරකට බිලියන 03 ගණනේ වැඩි කරනවලු. එහෙම බැලුවම වසර 10ට බිලියන 30ක් වෙනවා. නමුත් පැරණි සංඛ්‍යා ලේඛන බැලුවම වසර 40කට විදේශ ආයෝජන තිබෙන්නේ ඩොලර් බිලියන 13යි. ඒ නිසා පැහැදිලියි කොයිතරම් විකෘති සංඛ්‍යා ලේඛන මේ තියෙන්නේ කියලා. නමුත් මේවා කියලා අයිඑම්එෆ් රවට්ටන්න බැහැ. ඒ නිසා ජනතාව රවට්ටන ඒවා එක පැත්තක තියෙනවා. අයිඑම්එෆ් එකට අවශ්‍ය සංඛ්‍යා ලේඛන වෙනම තියෙනවා. නමුත් හොඳට මතක තබාගන්න අයිඑම්එෆ් එකෙන් ඩොලර් බිලියන 2.9 දුන්නත් මේ වැඩේ ගොඩ දාන්න බැහැ.
ඊට පස්සේ කියනවා පරිසර හිතකාමී ආර්ථිකයක් හදනවා කියලා. ඉතිං හොඳයිනේ. ඩිජිටල් ආර්ථිකයක් ගැන කියනවා. නමුත් 2019 ආණ්ඩුව මීටත් වඩා ඩිජිටල් ආර්ථිකයක් ගැන කතා කළා. නමුත් මේවා හරයෙන් තොර කතන්දර පමණයි. තව කියනවා 2025 වෙනකොට ආර්ථික වර්ධන වේගය 07ට 08ට ගේනවා කියලා. මේ තියෙන තත්වය අනුව කොහොමද ඒක කරන්නේ. මේ නිකන් කතා විතරයි. මෙහෙම තත්වයක් තුළ මේකට ප්‍රශස්ථි ගායනවා කරන තවත් පිරිසක් ඉන්නවා. එහෙම කරන විද්වතුන් කණ්ඩායමක් ඉන්නවා. නමහරු දැනුවත්ව කරනවා. සමහරු නොදැනුවත්ව කරනවා. ඒ නිසා මම ඒ අයගෙන් ඉල්ලනවා ජනතාව පීඩාවට පත්කරමින් දූෂිත කණ්ඩායමක් තමන්ගේ බලය තහවුරු කරගන්න උත්සහයට උදව් කරන්න එපා කියලා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ අයවැය ජනතාව වෙනුවෙන් නෙවෙයි ඉතාමත් දූෂිත කල්ලියක් වෙනුවෙන් කියලා. ඒ නිසා අපි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය විදියට අපි ජනතාව දැනුවත් කරන්න ඉදිරිපත් වුනේ. මේ අය අපිට පෙන්වනවා මේ ලෙඩා ගොඩගන්න යන්නේ රටම ශල්‍යාගාරයක් වගේ කියලා. නමුත් අපි කියනවා මේ ඉන්නේ හොර දොස්තරලා කණ්ඩායමක් ජනතාවගේ අතපය ගලවන වදකාගාරයක් මේක. ලෙඩා බේරෙන්නේ නැහැ. ලෙඩා මැරෙනවා. ඒකෙන් බේරගන්න අපි මැදිහත් වෙනවා.”