මිනුවන්ගොඩ පොල්වත්ත ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී, සංවිධානාත්මක අපරාධ රැසක සැකකරුවෙකු වන ඌරගහ ඉන්දිකගේ නැමති විදේශගතව සිටින පාතාල නායකයාගේ පොද්දල ප්රදේශයේ පදිංචි ප්රධාන ගෝලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එහිදී තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු ප්රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත.
සැකකරුවන් යක්කලමුල්ල ප්රදේශයේදී වයස අවුරුදු 4ක කුඩා දරුවෙකු සහ ඔහුගේ පියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්රධාන වෙඩික්කරු සහ යතුරුපැදිකරු බවට හඳුනාගෙන ඇත.
මෙහිදී T-56 වර්ගයේ ගිනි අවියක්, බෝර 12 පතුරම් තුවක්කුවක් සහ රම්බෝ වර්ගයේ පිහියක් සොයාගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව ඇත.
මිනුවන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.






