බස්නාහිර පළාත් පාසල්වල 10 සහ 11 ශ්‍රේණි සඳහා පැවැත්වෙන දෙවන වාර විභාගයේ අද (18) දිනයේ ලබා දීමට නියමිතව තිබූ විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවීම හේතුවෙන් කොළඹ ප්‍රධාන පෙළේ පාසල් ඇතුළු පාසල් කිහිපයක එම ප්‍රශ්න පත්‍රය ලබා දීම අත්හිටුවීමට තීරණය කොට ඇතැයි වාර්තා වේ.
දෙවන වාර විභාගයේ ප්‍රශ්නපත්‍ර කලාප අධ්‍යාපන කාර්යාලවලින් පාසල්වලට සකස් කොට ලබා දෙන අතර පාසල්වල විභාග අංශ හරහා එම ප්‍රශ්නපත්‍ර මුද්‍රණය කොට අදාළ දිනයට සිසුන්ට බෙදා දීමක් සිදු කිරීම සාමාන්‍ය ක්‍රියා පටිපාටිය වේ.
මෙවර අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ සිසුන් හා 10 ශ්‍රේණියේ සිසුන් ඉලක්ක කර ගනිමින් සකස් කළ විද්‍යා ප්‍රශ්න පත්‍රය ඊයේ (17) වන විටත් පිටවී ඇති බවට රාවයක් යමත් සමග පාසල් විදුහල්පතිවරුන් මෙම ප්‍රශ්න පත්‍රය අත්හිටුවීමට කටයුතු යොදා ඇති බව පැවසේ.
වහාම මීට අදාළ පරීක්ෂණයක් ආරම්භ කිරීමට තමා නියෝග කළ බව මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වන බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් කියා සිටී. මේ අතර වාර්තා වන්නේ බස්නාහිර පළාත් පාසල් වෙත මේ සතිය පුරා ලබා දුන් ප්‍රශ්න පත්‍ර රැසක බරපතල මුද්‍රණ දෝශ පවා පවත්න බවත් මේ හේතුවෙන් පාසල් සිසුන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බවත් ය.






