Home Local News Room : පොලිසියට එරෙහි SYU පෙත්සම් කැඳවයි – පොලිස් නිලධාරීන් අධිකරණය...

News Room : පොලිසියට එරෙහි SYU පෙත්සම් කැඳවයි – පොලිස් නිලධාරීන් අධිකරණය මගහරියි – Lanka Truth | සිංහල

1
0

සමාජවාදී තරුණ සංගමය විසින් පසුගිය සැප්තැම්බර් මස 24 වන දින පවත්වන ලද සාමාකාමී විරෝධතා පාගමනට එරෙහිව පොලිසිය විසින් සිදු කරන ලද අමානුෂික පහර දීමෙන් තුවාල ලබා රෝහල්ගතව ප‍්‍රතිකාර ගැනීමට සිදුවූ විරෝධතාකරුවන් 06 දෙනෙකු පෙත්සම්කරුවන්ව ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම කරුණු සලකා බැලීම සඳහා අද (17) දින ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කැඳවන ලදී.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන උපුල් කුමාරප්පෙරුම සහ සුනිල් වටගල පෙනී සිටි අතර නීතිපති, ජනාධිපති ලේකම් සහ පොලිස්පති වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජනාධිපති නීතීඥ ශාමින්ද්‍ර වික‍්‍රම පෙනී සිටි ඇත.

මෙම පෙත්සම මඟින් වගඋත්තරකරුවන් 26 දෙනෙකු නම්කර තිබූ අතර ඉන් 02 සිට 24 දක්වා පොලිස් නිලධාරින් වෙත නොතීසි නිකුත් කර තිබුණද ඔවුන් කිසිවකු පෞද්ගලිකව හෝ නීතිඥ මාර්ගයෙන් අද දින අධිකරණය හමුවේ පෙනී සිට නැත. 02 සිට 24 දක්වා පොලිස් නිලධාරින්ගේ පෞද්ගලික නාමයන් යටතේ මෙම පෙත්සම ගොනු කිරීම හේතුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව ඔවුන් වෙනුවෙන් පෙනී සිට නැත.

අද දින පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමාරප්පෙරුම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර විසින් මෙම නඩුව නැවත කැඳවීමට නියමිත 2023.02.10 වන දිනට පෙර පෙත්සම්කරුවන්ට අදාළ වෛද වාර්තා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන ලෙස කොළඹ සහ ඇඹිලිපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරීන්ටද රත්නපුර ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂකට සහ කොළඹ දන්ත ආයතනයේ අධ්‍යක්ෂකට දැනුම් දෙන ලෙස නියෝග කරන ලදී.

අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටි වගඋත්තරකාර පොලිස් නිලධාරින්ට බලන පෙබරවාරි 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නැවත නොතීසි නිකුත් කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here