Home Local News Room : සාකච්ජාවට එන ලෙස රනිල් කළ ආරාධනය උතුරේ පක්ෂ ප්‍රතික්ෂේප...

News Room : සාකච්ජාවට එන ලෙස රනිල් කළ ආරාධනය උතුරේ පක්ෂ ප්‍රතික්ෂේප කරලා! සම්බන්ධන්-ගජේන්ද්‍රන්-විග්නේෂ්වරන් මතය දැනටමත් කියයි!

6
0

සාකච්ජා සදහා පැමිණෙන ලෙස ජනාධිපතිවරයා විසින් කළ ආරාධනය ප්‍රතික්ෂේප කිරීමට දෙමළ පක්ෂ රැසක් මේ වනවිට තීරණය කොට ඇති බව වාර්තා වේ.

ඒ, නැවත වතාවක් ආණ්ඩුව දෙමළ ජනතාව රැවටීමකට ලක් කිරීමට උත්සාහ දරන බවට චෝදනා කරමිනි.

උතුරේ ජනයාගේ ගැටළුවලට විසදුම් සෙවීමේ ආණ්ඩුවේ සාකච්ජා ආණ්ඩුවේ ස්ථාවරත්වය ජාත්‍යන්තරයට පෙන්වීමේ සැලසුමක් බවට දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා පවසයි.

‘ අද ආණ්ඩුවට දෙමළ නියෝජිතයන් එක්ක කතා කරන එක අනිවාර්ය දෙයක්. මොකද රටේ දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවා කියලා ලෝකයට පෙන්වන්න ඕනෑ. එහෙම පෙන්නුවොත් තමයි IMF  එකෙන් ණය ලබා ගන්න පුළුවන් වෙන්නේ,” යි පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ‘`වීරකේසරී’ පුවත්පත හා පවසා තිබේ.

දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා පවසා ඇත්තේද නැවත වතාවක් රැවටීමට තමන් සූදානම් නැති බවකි.

”යහපාලන ආණ්ඩු කාලෙත් මේ වගේ කතා කරලා අතුරු වාර්තාවක් හැදුවත් එය කුණු කුඩේට දැම්මා. අන්තිමේ අපි රැවටුණා. ආයෙත් එවැනි දේකට මුහුණ දෙන්න අපි සුදානම් නැහැ,කටින් කියනවාට වඩා ක්‍රියාවෙන් එය ඔප්පු කළ යුතුයි. කතා බහට කලින් ඒ ගැන ආණ්ඩුව සහතික වෙන්න ඕනෑ.” `යැයි දෙමළ ජාතික සංධානයේ නායක හිටපු විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන් පවසයි.

මාරුවෙන් මාරුවට බලයට පැමිණි සෑම ආණ්ඩුවක් සමඟම දෙමළ නායකයන් වෙහෙසට පත් වන තෙක් සාකච්ජා කර ඇති බවට දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක, උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී.වී.විග්නේශ්වරන් සඳහන් කරයි.

”`කොච්චර කතා කළත් මෙතෙක් කිසිම දෙයක් වුනේ නැහැ. කතා කරනවා නම් ඒකීය රාජ්‍ය ව්‍යවස්ථාවෙන් නිදහස් වෙන්න දකුණේ නායකයන් සුදානම් වෙන්න ඕනෑ. ස්ථිර විසදුමක් ලබා ගන්න නම් මේ ඒකීය ව්‍යවස්ථාව අත්හැරලා එක්සත් රාජ්‍ය ව්‍යවස්ථාවකට මාරු වෙන්න ඕනෑ.’ යනුවෙන් විග්නේෂ්වරන් සදහන් කර ඇත.

මේ අතර තමිල් ඊළාම් විමුක්ති සංවිධානය පවසන්නේ දෙමළ ජනයාගේ අභිලාෂයන් සම්පුර්ණ වීමට නම් උතුරු -නැගෙනහිර පළාත් ඒකාබද්ධව පැවතීම වැදගත් බවකි. ”දෙමළ ජාතික ප්‍රශ්නයට විසදුම් හා දෙමළ ජනයාගේ අභිලාෂයන් ගැන උතුරේ නියෝජිතයන්ට පමණක් ඇරයුම් කරලා නැගෙනහිර අත්හැරලා සාකච්ජා කරන්න බැහැ. ඔක්කොම එකට ඉදන් කතා කරන්න ඕනෑ,”යැයි TELO  නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් පවසයි.

දෙමළ දේශපාලන නායකයන් හමුවීමට පෙර ජනාධිපති වික්‍රමසිංහ හමුවී මේ ගැන දැනුම් දීමට TELO නායකයා අපේක්‍ෂා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here