Home Local News Room : වරාය අධිකාරිය කරපු මහා හොරකමක් අහුවෙයි! කවුද නියෝග දුන්න...

News Room : වරාය අධිකාරිය කරපු මහා හොරකමක් අහුවෙයි! කවුද නියෝග දුන්න බලවතා? කවුද ක්‍රියාත්මක කරපු නිලධාරීන්? වහාම හොයපල්ලා! මේවා මිනිස්සුන්ගෙ සල්ලි!

5
0

හම්බන්තොට වරාය ඉදිකිරිම සදහා ලබාගෙන තිබු විදේශිය ණයවලින් වරාය අධිකාරියේ ගිණුම්වල ඉතිරිව පැවති රුපියල් මිලියන147,746ක් වූ ණය හා පොලී මුදල මහා භාණ්ඩාගාරයේ එකඟතාවකින් හෝ කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව අධිකාරිය විසින් සිය මුල්‍ය ප්‍රකාශනවලින් ඉවත්කොට තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

2017 වර්ෂයේ නොවැම්බර් මස 30 දිනට අධිකාරියේ ගිණුම්වල තිබු ණය හා පොළි මුදල මුල්‍ය ප්‍රකාශනවලින් ඉවත්කොට තිබු අතර එම දිනෙන් පසු රජයේ කිසිදු ගිණුමක එම ණය මුදල ඇතුළත්ව නොතිබුණි.

මෙකී ණය මුදලට අදාලව 2017 වර්ෂයේ නොවැම්බර් මස 30 වැනි දින සිට 2020 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ විදේශ විනිමය පරිවර්තන අලාභය රුපියල් මිලියන 65,618ක් බවද විගණනය මගින් අනාවරණ කොට ඇත.

කෙසේ වුවද ‘හම්බන්තොට වරාය සහන ගිවිසුම’ නමැති අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව 2017 වර්ෂයේ අගෝස්තු මස 04 වැනි දින ලබාදී තිබූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අනුව ණය හා පොළි ආපසු ගෙවිම මහා භාණ්ඩාගාරය සතු වේ.

ඒ අනුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් 2017 වර්ෂයේ සිට ණය වාරික හා පොලී ගෙවා තිබුණි. ඉකුත් වර්ෂයේ :2021* දෙසැම්බර් මස 31 දිනට තවදුරටත් ගෙවිය යුතු ණය රුපියල් මිලියන 165,483ක් බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා අවස්ථා කිහිපයකදී වරාය අධිකාරියේ සභාපතිවරයා වෙත මෙකී ණය මුදල අධිකාරියේ පොත්වලට අතුළත් කරගන්නා ලෙස දැනුම් දි තිබුණි.

කෙසේ වුවද ඉකුත් වර්ෂය අවසන් වනවිටද ණය ශේෂය හා අදාල විදේශ විනිමය අලාභය ගිණුම්ගත කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය හෝ මහා භාණ්ඩාගාරය කටයුතු කර නොතිබුණි.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාලව මෙකී විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here