Home Local News Room : බෙලිඅත්තේ කසිප්පු ඇල්ලුවාට OIC කෑගහපු පොලිස් සැරයන්ව මොනරාගල ඩොටේ...

News Room : බෙලිඅත්තේ කසිප්පු ඇල්ලුවාට OIC කෑගහපු පොලිස් සැරයන්ව මොනරාගල ඩොටේ පොලිසියකට මාරු කරලා! ලොක්කො සෙට් එකක් ජීවිතේ එපා වෙන තරමටම රැග් එකක් දෙනවලු! (VIDEO)

4
0

ප්‍රදේශයේ හොර අරක්කු ඇල්ලීම හේතුවෙන් බෙලිඅත්ත කසිප්පූ ඕඅයිසී ගේ උදහසට ලක් වී දේශපාලන බලය අවභාවිතා කරමින් මොණරාගල අති දුෂ්කර ගරාඬුගල පොලිස් ස්ථානයට මාරුකර යැවූ 58 හැවිරිදි පොලිස් සැරයන්වරයා වෙත ජීවිතයත් එපා කරවන තරමේ බරපතල පීඩනයක් පොලීසියේ උසස් නිලධාරීන් පිරිසක් විසින් එල්ල කරමින් සිටින බව වාර්තා වේ.

නාමල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂගේ දේශපාලන බලය තමන්ට ඇති බව තමන් විසින්ම තොරොම්බල් කරමින් නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීමක් කළ පොලිස් සැරයන්වරයෙකුට බැණ වදින හඬපටයක් සමාජ මාධ්‍යය තුළ සංසරණය වීමත් සමග බෙලඅත්ත පොලිස් ස්ථානාධිපතිවරයාගේ අනීතික හැසිරීම සම්බන්ධව ක්‍රියාත්මක වුණ පොලිස් මූලස්ථානය ඔහු කාර්ය භාර්යයක් රහිතව වහාම ක්‍රියාත්මකවන පරිදි මහනුවර පොලිස් මූලස්ථානය වෙත මාරුකර යවා තිබිණි.

මෙම දේශපාලන දාමයේම එක් පුරුකක් සේ ප්‍රසිද්ධියක් උසුලන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් මොනරාගල සේවයට වාර්තා කළ මෙම සැරයන්වරයාට අශිෂ්ට ලෙස බැණවැදී කලාපයේ දුෂ්කරම පොලිස් ස්ථානයක් සේ සැලකෙන ගරඬුගල පොලිසියට අනුයුක්ත කරවා තිබේ.

හොර අරක්කු ඇල්ලීම වරදක් වීම නිසා සිය නිවසේ සිට කිලෝමීටර 300ක් පමණ දුර පොලිස් ස්ථානයක් වෙත සාධාරණ හේතුවක් රහිතව මාරුකර යවා ඇති මෙම පොලිස් සැරයන්වරයා තමන් සිය දිවිනසා ගන්නා තරමේ පීඩාවටක පත් වී ඇති බවත් කිසිම සාධාරණ පදනමක් නැතිව මෙවැනි අසාධාරණයකට තමන් ලක් නොකරන ලෙසත් මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේරත් බී.එස්.එස්. සිසිල කුමාර වෙත දන්වා ඇතැයි වාර්තා වේ.

මේ වනවිට එම පොලිස් සැරයන්වරයා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට සූදානමින් සිටින බවට තොරතුරු හෙළි වී ඇත.

OIC සද්දෙ දාපු හඩපටය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here