Home Local News Room : පාලමක් අබලන්! මුහුදුබඩ දුම්රිය මගේ ගමන්වාර 10ක් අවලංගුයි!

News Room : පාලමක් අබලන්! මුහුදුබඩ දුම්රිය මගේ ගමන්වාර 10ක් අවලංගුයි!

6
0

මුහුදුබඩ මාර්ගයේ කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර දුම්රිය පාලමක් අබලන් වීම හේතුවෙන්  මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

මෙසේ දුම්රිය මාර්ගයේ පිහිටි පාලම අබලන් වීම මත කොළඹ කොටුව හා වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර පිහිටි ද්විත්ව මාර්ගය තනි මාර්ගයක් ලෙස ධාවන කටයුතු සිදුවීමේන් මුහුදුබඩ මාර්ගයේ මෙන්ම මුහුදුබඩ මාර්ගයේ සිට ප්‍රධන මර්ගයේ සහ පුත්තලම් මාර්ගයේ ධාවනය වන දුම්රියන්ට ප්‍රමාද වීමේ හැකියාවක් ඇති බව දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය.

මෙලෙස වැල්ලවත්ත හා කොළඹ කොටුව අතර පහල මාර්ගය තාවකාලික වසා දැමීම නිසා අද දින සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය  ගමන්වාර 10ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය විසින් කටයුතු කොට ඇත.

මාර්ගය යලි සකස් කිරීමට දින 05 කට ආසන්න කාලයක් ගතවන  බව දෙපාර්තමේන්තුවේ අදාල මාර්ග අංශයන් දැනුවත් කර ඇති බවත් ඒ දක්වා කාලය තුල වැල්ලවත්ත හා කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර දුම්රිය ප්‍රමාද වීමක් සිදු විය හැකි බවත් ඔහු තවදුරටත් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here