Home Local News Room : දැඩි ඇප කොන්දේසි මත ධනුෂ්කට ඇප – ‘dating app’...

News Room : දැඩි ඇප කොන්දේසි මත ධනුෂ්කට ඇප – ‘dating app’ තහනම් – Lanka Truth | සිංහල

3
0

කාන්තාවකට අතවර කිරීම ඇතුළු චෝදනා 04ක් යටතේ සිඩ්නි පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව දින 11ක් රැඳවුම් භාරයේ සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට අධිකරණය විසින් අද (17) දැඩි ඇප කොන්දේසි යටතේ මෙන්ම ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 2ක මුදල් ඇපයක් මත නිදහස් කර තිබේ.

එම ඇප මුදල් ලබාදීම වෙනුවෙන් ඔහුගේම මුදලින් ඩොලර් 50,000ක් හා මෙල්බර්න් කාන්තාවකගේ මුදලින් ඩොලර් 150,000ක් ගෙවා ඇත.

එමෙක්ම දිනපතා ඊස්ට්වුඩ් පොලිසියට වාර්තා කිරීමටත් රාත්‍රී 9.00 සිට උදේ 6.00 දක්වා නිවස්නයේ බහැර නොගොස් ඇඳිරිනීතිය පිළිපැදීමටත් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය භාර දීමත් මෙන්ම ඔහුට Tinder හෝ වෙනත් dating app තහනම් කර ඇති අතර සමාජ මාධ්‍ය වෙත පිවිසෙන්නේනම් නීතිමය නියෝජිතයෙකු ඉදිරියේ පමණක් එය සිදු කළ යුතු බවත් පැමිණිලිකාරිය සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් සිදු නොකළ යුතු බවටත් යන ඇප කොන්දේසි ඔහු වෙත පනවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here