Home Local News Room : අගමැති දිනේෂ් ව්‍යවස්ථාව හරියට දන්නෙ නැති කෙනෙක්ද? ඊයේ පාර්ලිමේන්තුවේ...

News Room : අගමැති දිනේෂ් ව්‍යවස්ථාව හරියට දන්නෙ නැති කෙනෙක්ද? ඊයේ පාර්ලිමේන්තුවේ කිව්වේ බොරුවක්ද? (VIDEO)

2
0

මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් ව්‍යවස්ථානුකූල වශයෙන් කිසිදු බාධාවක් නැති බවත් ඇත්තේ එකම බාධාවක් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ බාධාව වන්නේ මැතිවරණයෙන් පසුව ලැබෙන ප්‍රතිඵලය සම්බන්ධව ආණ්ඩුවට ඇති ඇඟ කිලිපොලා යන භීතිය යැයි ද,එනිසා ආණ්ඩුව මැතිවරණයකට රැගෙනයාම පිස්සු බල්ලෙක් නාවන්නට ගෙන යනවා වැනි අපහසු කටයුත්තක් යැයි ද විපක්ෂ නායකතුමා පැවසීය.

පාර්ලිමේන්තුව විසුරවීම ගැන රට නොමඟ යවන්න එපා යැයි කී විපක්ෂ නායකතුමා මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන්ව්‍යවස්ථාවේ වගන්ති ගෙනහැර පෑවේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අගමැතිවරයා , ජනතාව සහ රට නොමග යවන ප්‍රකාශයක් සිදු කරන බවත්, එය සහමුලින්ම අසත්‍ය ප්‍රකාශයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here