Home Local News Room : ජංගම දුරකතන හදන්න දෙනකොට පරිස්සම් වෙන්න! තිරිසන්නු වගේ එවුනුත්...

News Room : ජංගම දුරකතන හදන්න දෙනකොට පරිස්සම් වෙන්න! තිරිසන්නු වගේ එවුනුත් ඒවයේ වැඩකරනවා! මේ දැරියට කරපු දේ හොඳට කියවලා බලන්න!

0
0

17 හැවිරිදි දැරියගේ මුහුණු පොතේ ගිණුම සොරාගෙන එම ගිණුම හරහා ඇය මුදලට අලෙවි වන දැරියක ලෙස සමාජගත කළ දුරකතන අලුත්වැඩියා කරන්නකු සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු බව බණ්ඩාරගම පොලීසිය කියයි.

මීට දින කීපයකට ඉහතදී තම දුරකථනය අලුත් වැඩියා කටයුත්තක් සඳහා නිවස ආසන්නයේ පදිංචි දුරකථන අලුත්වැඩියා කරන පුද්ගලයකුට ලබාදුන් බවත් පැය කීපයකින් පසු ඔහු එය අළුත්වැඩියා කර තමන් වෙත ලබා දුන් බවත් එම තරුණිය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී තමන්ගේ මුහුණු පොතේ ගිණුම හා විද්‍යුත් තැපැල් ලිපිනය ජංගම දුරකථයෙන් ඉවත්ව ගොස් තිබූ එහෙයින් නැවත එම පුද්ගලයාට පවසා මුහුණු පොතට නව ගිණුමක් මෙන්ම විද්‍යුත් තැපැල් ලිපිනයක් ද සක්‍රීය කර ගත් බව බවට පත් දැරිය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

දින දෙකක් පමණ ගත වෙද්දී මිතුරියන් රැසක් තම දුරකථනයට ඇමතුම් ලබා ගෙන ” මොනාද ඔයා මේ දාලා තියෙන්නෙ පිස්සු වැඩ කරන්න එපා”.” ඇයි එහෙම කරන්නේ “ආදී වශයෙන් ඇය ගෙන් විවිධ දෑ අසමින් ප්‍රශ්න කරන්නට වූ අතර කිසිත් නොදත් දැරිය මිතුරියන්ගෙන් ඒ බව විමසීමේ දී ඔවුහු ඇය වෙත පවසා ඇත්තේ ඇය මුදලට අලෙවි වන්නියක් බව පවසා මුහුණු පොතේ දැන්වීමක් පළ කර ඇති බවය.

එතනින් නොනැවතුණු පැමිණිලිකාර දැරියගේ මිතුරියන් ඇයගේ මුහුණු පොතට එක් කර තිබූ වෙනත් නිරුවත් ඡායාරූප ද ඇතුළත් දැන්වීම ඇය වෙත එවීමට කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.-ලංකාදීප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here