Home Local News Room : ඒ පාර තවත් ලෙඩක්! ක්ෂය රෝගය ‌කොළඹ වතුවල සෑහෙන්න...

News Room : ඒ පාර තවත් ලෙඩක්! ක්ෂය රෝගය ‌කොළඹ වතුවල සෑහෙන්න පැතිරෙන්න පටන් අරන්! එක සතියට ‌හතරක් මැරෙනවා!

0
0

කොළඹ නගර සභා බල ප්‍රදේශයේ වතු නිවාස ආශ්‍රිත වතු නිවාස තුළ ප්‍රමාණය ඉක්මවා අධික පිරිසක් ජීවත්වීම සහ අපිරිසුදුකම හේතුවෙන් ක්ෂය රෝගය සීග්‍රයෙන් ව්‍යාප්තවන බව ක්ෂය රෝග මර්දන සහ ශ්වසන රෝග සඳහා වන ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේය.

මේවනවිට මෙරට බෝවන රෝගවලින් වැඩි මරණ ප්‍රමාණයක් සිදුවන්නේද ක්ෂය රෝගයෙනි.

මෙම තත්ත්වය මත සතියකට ක්ෂය රෝගය හේතුවෙන් පුද්ගලයන් සිව්දෙනකු පමණ කොළඹ නගර සභා බලප්‍රදේශයන් තුළ මිය යන බව කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීර පැවසුවාය. එසේම මේ වසරේ මේ දක්වා කාලය තුළ ක්ෂය රෝගින් හයදහසක් පමණ වාර්තා වී තිබේ.

සාමාන්‍යයෙන් වර්ෂයකට ක්ෂය රෝගය හේතුවෙන් මෙරට පුද්ගලයන් පන්සීයත් හයසියයත් අතර ප්‍රමාණයක් මිය යාමේ අවදානමක් ඇති බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේය. දිවයිනේ සෑම ප්‍රධාන රෝහලකම ක්ෂය රෝගය සඳහා සායන පැවැත්වෙන අතර එම රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් වහාම එම සායනවලට ගොස් ප්‍රතිකාර ගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දීමක් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here