Home Local News Room : ජල බිල්පත් ගෙවීම් ප්‍රමාද කරන රාජ්‍ය ආයතන ගැන ගත්...

News Room : ජල බිල්පත් ගෙවීම් ප්‍රමාද කරන රාජ්‍ය ආයතන ගැන ගත් තීරණය

6
0

හිඟ ජල බිල්පත් ගාස්තු ගෙවීම් ප්‍රමාද කරන රාජ්‍ය ආයතන සඳහා ඉදිරියේදී ප්‍රමාද ගාස්තුවක් අය කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.

mawbima.lk කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ලබන වසරේ සිට එම ගාස්තු අය කිරීමට කටයුතු කරනු ඇති බව ය.

මෙම ගෙවීම් සිදු කිරීම සඳහා දින 90ක කාලයක් ලබා දෙන බව ත් ඉන් පසුව අදාළ ගාස්තුව අය කරන බව ත් ඔහු ප්‍රකාශ කළේ ය.

මේ සඳහා මණ්ඩලයේ තීරණය ලැබී ඇති බව ත් ඉදිරියේදී තව ත් තීරණ කිහිපයකට එළඹීමට නියමිත බව ත් එය ලැබුණු පසු ඊට අදාළ චක්‍රෙල්ඛය ඉදිරියේදී නිකුත් කරන බව ඔහු වැඩිදුරට ත් පැවසීය.

“රාජ්‍ය ආයතනවලට මේ දවස්වල ඉස්සරහ සති දෙකේ ලියුමක් යවනවා හිඟ මුදල් තියෙනවා නම් ගෙවීම් කරන්න කියලා. මාස බිලට නෙවෙයි හිඟ ජල ගාස්තු දින 90ක් පැන්නොත් ජනාවාරිවලින් පස්සේ ඒ ගොල්ලෝ ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙනවා.”

පෙර ලිපියරුවන්වැල්ලේ මනුෂ්‍ය ඝාතනයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here