Home Local News Room : රෝල්ස්, පරාටා, බිත්තර රොටි සහ එළවළු රොටි මිල පහළට

News Room : රෝල්ස්, පරාටා, බිත්තර රොටි සහ එළවළු රොටි මිල පහළට

5
0

අද (නොවැ. 1) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කෙටි ආහාර වර්ග 4ක මිල රුපියල් 10කින් පහළ දැමීමට තීරණය කළ බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

mawbima.lk කළ විමසීමකදී එහ සභාපති අසේල සම්පත් සඳහන් කළේ, රෝල්ස්, පරාටා, බිත්තර රොටි, එළවළු රොටි යන ආහාර වර්ගවල මිල මෙලෙස පහළ දමන බව ය.

කෙසේ නමුත්, ප්ලේන් ටී එකක් රුපියල් 30කටත් කිරි තේ එකක් රුපියල් 100කටත් අලෙවි කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

සම්පත් මහතා වැඩිදුරට ත් කියා සිටියේ, එම මිල ගණන් වහා ම ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා සිටින බව ය.

පෙර ලිපියශ්‍රී ලංකාවට ජය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here