Home Local News Room : මම කැමැතිම ටීචර් කෙනෙක් වෙන්න

News Room : මම කැමැතිම ටීචර් කෙනෙක් වෙන්න

11
0

අද අපි එකතුකරගත්තේ මේ දවස්වල ජනප්‍රිය පුංචි තාරකාවක් වන ෂුහෛසී ඩේන්. මේ දිනවල විකාශය වන ඉස්කෝලේ ටෙලිනාට්‍යයෙන් ඔබ හමුවට එන ඇය ඉතා දක්ෂ ගායිකාවක් මෙන්ම දක්ෂ හඬකැවීම් ශිල්පිනියක්. ඉතින් අපි ඇයගෙන්ම අහල බලමු මොනවද ඇගේ අලුත් විස්තර කියලා.  ඉතින් කොහොමද ෂුහෛසී?

හොඳින් ඉන්නවා

ඔයා ගැන විස්තර ටිකක් කියන්නකෝ අපිට?

මගේ නම ෂුහෛසී ඩේන්. මම ඉගෙන ගන්නේ ජාත්‍යන්තර පාසලක. මගේ ක්ලාස් එක ගේ‍ර්ඩ් නයින්. 2024 එඩෙක්සෙල් කරිකියුලම් එකෙන් තමයි මම ඕලෙවල් කරන්නෙ. මගේ පවුලේ ඉන්නෙ අම්මයි, තාත්තයි, අයියයි, මමයි.  ඒවා තමයි ඉතින් මගේ විස්තර.

ඔයා මුලින්ම කලා ක්‍ෂේත්‍රයට පිවිසුණේ කොහොමද?

මම මුලින්ම කලා ක්‍ෂේත්‍රයට ආවේ දෙරණ ලිට්ල් ස්ටාර් රියැලිටි ෂෝ එක හරහා. මම ඒ තරගයෙන් ජනප්‍රියම තරුව වුණාට පස්සෙ තමයි මේ වගේ කලා නිර්මාණවලට එකතුවෙන්න ලැබුණෙ.

ඔයාගේ කැමැතිම විෂය මොකක්ද?

මම කැමැතිම ආර්ථික විද්‍යා විෂයට

පාසලේ යාළුවන්ගෙන් කොහොමද ඔබට ලැබෙන සහයෝගය සහ ප්‍රතිචාර?

යාළුවෝ මට ගොඩක් උදව් කරනවා. එයාලා කියනවා මට එස්.එම්.එස්. එහෙම ගහනවා කියලා සහ මම රඟපාන ඩ්‍රාමා එහෙමත් බලනවා කියලා. තව මම ඇබ්සන්ට් වුණ දවසට මට මිස්වුණ නෝට්ස් එහෙම දෙනවා. එයාලා ගොඩක් උදව් කරනවා.

ගෙදර නිදහසේ ඉන්න වෙලාවට මොනවද වැඩිපුරම කරන්න කැමැති?

මම වෙලාවකට පොත් කියවනවා. තව මියුසිකල් ඉන්ස්ටෘමන්ට්ස් එහෙම ප්ලේ කරනවා. මම කැමැතිම ඉන්ස්ටෘමන්ට් එකත් පියානෝ එක.

ෂුහෛසී පොත් කියවන්න කැමැතියි කිව්වනේ. කැමැතිම පොත මොකක්ද ඔබගේ?

මම ගොඩක්ම කැමැති ෆේමස් ෆයිව් පොත්වලට. ඒකේ ගොඩක් එඩිෂන්ස් තිබෙනවා. ඉතින් ඒක නිසා ඒවට තමයි කැමැතියි.

දැනට සහභාගි වෙලා ඉන්න කලා නිර්මාණ ගැන විස්තර ටිකකුත් කියමු?

දැනට විකාශය වන ඉස්කෝලේ ටෙලිඩ්‍රාමා එකේ ඉන්නවා. තාම ෂූටින් තිබෙනවා. ඒත් ලොකුවට නැහැ. තව ටෙලි ෆිල්ම්ස්වලට එහෙමත් ඉඳල තිබෙනවා. ඩ්‍රාමා පැත්තෙන් අලුතින් සම්බන්ධ වුණ මුකුත් නැහැ තාම. මියුසික් පැත්තෙන් නම් මේ දවස්වල ලිට්ල් ටයිටන්ස් ගායන තරගයේ අවසන් දහසය දෙනා අතරට තේරිලා ඉන්නවා. ඒක තෝරන්නෙ එස්.එම්.එස්.වලින් සහ විනිශ්චය මණ්ඩලයෙන් දෙන ලකුණු 50න් 50 ගන්නත් ඕනෑ. ඒවා තමයි ඉතින් දැනට කරගෙන යන්නෙ.

අලුතින් ගීත නිර්මාණයක් එළිදක්වනවාද?

ඔව්. අලුතින් ගීතයක් නිර්මාණය කළා. ඒක ඊළඟ මාසයේ රිලීස් වෙනවා. ගීතයේ නම සේද රූ.

කලා ක්‍ෂේත්‍රයේ ඉන්න ඔයාගේ හොඳම යාළුවා කවුද?

එහෙම එක්කෙනෙක් කියල නැහැ. හැමෝම ගොඩක් හොඳ යාළුවෝ. සශි්‍රකා මගේ හොඳ යාළුවෙක්. එයා තමයි ෂූටින්වලදි ඉන්න හොඳම යාළුවා. ඉස්සර ඉඳන් එයත් එක්ක තමයි මම ගොඩක් වැඩකරල තිබෙන්නේ.

ගායනයට, රංගනයට අමතරව තව මොනවද ඔයාට තියෙන වෙනත් දක්ෂතා?

මට ඩාන්ස්න් කරන්න පුළුවන්. මියුසිකල් ඉන්ස්ටෘමන්ට්ස් ප්ලේ කරන්න පුළුවන්. තව ඩබින් එහෙමත් කරන්න පුළුවන්.

‘චූටි දූ’ ඩ්‍රාමා එකට හඬකැවීමෙන් දායක වුණා නේද?

ඔව්. මම ඩබින් කරපු පළමුවැනි ඩ්‍රාමා එක තමයි ‘චූටි දූ’ කියන්නෙ. ඒකේ ‘පීහුට’ තමයි මම ඩබින් කළේ. තව ඩබින් කරපුවා තිබෙනවා. තාම අලුත් නිර්මාණයක් නම් මෑතකදි කළේ නැහැ.

ෂුහෛසීට තියෙන්නෙ ලස්සන වෙනස් නමක්නේ. කවුද මේ ලස්සන නම දැම්මෙ සහ මොකක්ද මේ නමේ අර්ථය?

ෂුහෛසී කියන්නේ ප්‍රින්සස් කියන එක. අම්මද තාත්තද දැම්මෙ කියන්න නම් දන්නෙ නැහැ. මම හිතන්නෙ දෙන්නම එකතුවෙලා දාන්න ඇති.

ඔයාට ලෝකෙ වටේ සංචාරය කරන්න අවස්ථාවක් ලැබුණොත් යන්න කැමැතිම රට මොකක්ද?

එහෙම නම් මම කැමැතියි ඕස්ට්‍රේලියා යන්න. තව ඇමරිකා යන්නත් කැමැතියි. එතකොට සෙලිබි්‍රට්ස්ලා එහෙම හම්බවෙන්න පුළුවන්නේ.

එහෙනම් කියන්නකෝ කවුද ඔයාගේ කැමැතිම සෙලිබි්‍රට් කියලා?

මම කැමැතිම අරියානා ග්‍රාන්දේ.

එතකොට හොලිවුඩ් හෝ බොලිවුඩ්වල කැමැතිම නිළිය.

මම වැඩිය ෆිල්ම්ස් බලන්නෙ නම් නැහැ. ඒත් මම කැමැතියි ආලියා භාත්ට.

සින්දු අහන්නනේ වැඩිපුරම කැමැති. ඔයා නිතර අහන ගීත අතරින් මොකක්ද කැමැතිම ගීතය?

එහෙම එකක් කියල නැහැ. ගොඩක්ම අහන්නෙ නම් ඉංග්ලිෂ් ඒවා. අනෙක් භෂාවල ඒවත් අහනවා. අරියානාගේ සින්දු තමයි ඉතින් වැඩිපුරම අහන්නේ.

ඔයාගේ අනාගත බලාපොරොත්තුව මෙකක්ද?

මම කැමැතියි ටීචර් කෙනෙක් වෙන්න. මියුසික් පැත්තෙන් හරි ඕන එකකින්. ගොඩක්ම කැමැතියි ඉංග්‍රිසි සාහිත්‍ය උගන්වන ටීචර් කෙනෙක් වෙන්න.

අවසාන වශයෙන් කියන්නකෝ ඔයාගේ මේ කලා නිර්මාණවලට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද කියලා.

ඔව්. එයාලා මට ගොඩක් උදව් කරනවා. අම්මයි තාත්තයි මට ඕනි කරන සින්දු එහෙම තෝරල දෙනවා. අයියත් මට උදව් කරනවා හැමදේකටම. ඉතින් එයාල නිසා තමයි අද මම තැනක ඉන්නව නම් ඉන්නේ. මගෙ හෙවනැල්ල වගේ එයාල නිතරම මාව ආරක්ෂා කරනවා සහ මාව ආදරෙන් බලා ගන්නවා. එයාලගෙන් ඒ ලැබෙන සහයෝගය මට ගොඩක් වටිනවා.

ඉතින් අද her එක්ක සුහද පිළිසඳරකට එකතු වුණේ මේ දවස්වල ජනප්‍රිය ඉස්කෝලේ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වන සහ ඔබ ආසාවෙන් රසවිඳි ‘චූටි දූ’ නාට්‍යයේ සුරතල් අහිසංක පීහුගේ චරිතයට හඬකැවූ දක්ෂ ගායන ශිල්පිනියක් වන ෂුහෛසී ඩේන්ය. කලා ලොවේ පුංචි දිදුලන තාරකාවක් වන ඇයට ඇගේ අනාගත බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉටුවේවායි ‘මව්බිම’ her අපි හදවතින්ම සුබ පතන්නෙමු. තවත් පුංචි තරකාවක් සමඟ නැවතත් අපි ඉක්මනින් මුණගැසෙමු.

චතුරිකා රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here