මාතර, තිහගොඩ පොලිස් වසමේ මිදෙල්ලවල ප්‍රදේශයේදී ඊයේ (ඔක්. 28) සවස පොලිස් නිලධාරීන් පිරිසක් සැක කටයුතු පිරිසක් පරීක්ෂා කිරීමේදී වෙඩි වැදීමක් සිදු වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ, වෙඩි වැදීමෙන් වයස අවුරුදු 15ක දරුවෙකු තුවාල ලබා මේ වන විට වැඩි දුර ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව ය.
එම සිදුවීමට අදාළව පොලිස් කණ්ඩායම භාරව සිටි වයස අවුරුදු 57ක උපපොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන් ම, මේ වන විට ඔහු රාජකාරි වැඩ තහනමකට ලක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඔහු සඳහන් කළේ, සහකාර පොලිස් අධිකාරිවරයකුගෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කළ බව ය.
ඒ අනුව, අත්අඩංගුවට ගත් උපපොලිස් පරීක්ෂකවරයා අද (ඔක්. 29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරට ත් පැවසීය.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
එහි ප්‍රකාශයෙකු සඳහන් කළේ, අද (ඔක්. 29) දිනයේ සිදුවීම වූ ප්‍රදේශයේ සිය කොමිසමේ සාමාජිකයින් පිරිසක් නිරීක්ෂණ චාරිකාවක නිරත වන බව ය.
- තාරක සම්මාන්, කුමුදු ජයවර්ධන
The post තිහගොඩදී පොලිස් වෙඩි පහරින් දරුවෙකු මිය යාම ගැන HRCSL විමර්ශනයක් appeared first on මව්බිම.