Home World News Room : අමෙරිකානු කතානායකවරියගේ සැමියාට මිටි ප්‍රහාරයක්

News Room : අමෙරිකානු කතානායකවරියගේ සැමියාට මිටි ප්‍රහාරයක්

3
0

අමෙරිකානු කතානායක නැන්සි පෙලෝසිගේ ස්වාමියා වන පෝල් පෙලෝසිට පුද්ගලයෙකු විසින් මිටියකින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබ තිබේ.

කතානායකවරියගේ සැන් ෆ්‍රැන්සිස්කෝහි පිහිටි නිවසට ඊයේ (ඔක්. 28) ඇතුළු වූ පුද්ගලයෙකු මෙම පහර දීම සිදු කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව ත් ඔහු 42 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනා ගෙන ඇති බව ත් ය.

සැකකරු නිවසට ඇතුළු වූ අවස්ථාවේදී “නැන්සි කොහේ දැයි?” යනුවෙන් කතානායකවරිය සොයා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පහර දීම එහි සිටි පොලිස් නිලධාරීන් සියැසින් දැක ඇති අතර ඔවුන් සඳහන් කර ඇත්තේ, සැකකරු මිටියකින් පෝල් පෙලෝසිට ප්‍රචණ්ඩකාරී ලෙස පහර දුන් බව ය.

එම අවස්ථාවේදී වහා ම ක්‍රියාත්මක වූ එම නිලධාරීන් අදාළ පුද්ගලයා මෙල්ල කර අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.

පහර දීමෙන් 82 හැවිරිදි වියේ පසුවන පෝල් පෙලෝසිගේ හිසට තුවාල සිදු වී ඇති අතර ඒ හේතුවෙන් ඔහු ශල්‍යකර්මයකට ද භාජනය කර තිබේ.

කෙසේ වෙතත්, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here