Home Local News Room : ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ගේ ආබාධ ලැයිස්තුව තවත් ඉහළ යයි

News Room : ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ගේ ආබාධ ලැයිස්තුව තවත් ඉහළ යයි

0
0

මෙවර ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට බලවත් හිසරදයක් බවට පත්ව තිබෙන වේගපන්දු යවන්නන්ගේ ආබාධ තත්ත්වය තවත් උත්සන්න කරමින් පසුගියදා (25දා) ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව පැවැති තරගයේදී තවත් වේගපන්දු යවන්නෙක් ශ්‍රී ලංකා පිලට අහිමි වන තත්ත්වයක් උදා වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව එම තරගයේදී පළමු පන්දුවාරය යවමින් සිටි බිනුර ප්‍රනාන්දු පන්දු 5ක් පමණක් යවමින් සිටියදී ආබාධයක් හේතුවෙන් ක්‍රීඩාගාරයට යෑමට සිදුවිය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කළමනාකරු මහින්ද හලංගොඩ මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවැසුවේ ඔහු පිළිබඳව අවසන් තීරණය සිඩ්නි නුවර බලා යෑමෙන් අනතුරුව ගන්නා බවය.

“අපි ඔහු සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම අවධානයෙන් ඉන්නේ. කොහොම වුණත් අද (26දා) අපි සිඩ්නි නුවරට ගිහින් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එනවා. ඒ කියන්නේ ඔහුගේ ආබාධය ඉක්මනින්ම සුව අතට හැරෙනවා නම් ඔහු මෙහෙම තියාගන්නවා. එහෙම නැත්නම් ඒ ආබාධය සුවවීමට ටික කලක් යනවා නම් ඔහු ආපසු ශ්‍රී ලංකාවට එවනවා”

කෙසේ වෙතත් බිනුර ප්‍රනාන්දුගේ ආබාධ තත්ත්වයත් සමඟ ආබාධයන්ට ලක්වූ ශ්‍රී ලංකා පිලෙහි වේගපන්දු යවන්නන්ගේ සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙයට පෙර ඩිල්ෂාන් මධුසංක, දුෂ්මන්ත චමීර සහ ප්‍රමෝද් මධුෂාන් ආබාධයන්ට ගොදුරු වී තිබිණි.

ඒ අය අතුරින් මධුසංක හා චමීර මේ වනවිටත් තරගාවලියෙන් ඉවත්ව ඇති අතර, ප්‍රමෝද් මධුෂාන් සුවය ලබා ඇති බවද පැවැසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here