Home Local News Room : පාපන්දු නිලවරණය දින 69කින් පැවැත්වීමේ සැලසුමක්

News Room : පාපන්දු නිලවරණය දින 69කින් පැවැත්වීමේ සැලසුමක්

3
0

ශ්‍රී  ලංකා පාපන්දු සම්මේලන නිලවරණය මෙතෙක් නොපැවැත්වීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ රීට් පෙත්සම අභියාචනාධිකරණයේදී ඊයේ (26දා) නැවතත් සලකා බැලිණි. ඒ අනුව ශ්‍රී  ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් සහ ලේකම් උපාලි හේවගේ යන මහත්වරුන් විසින් මෙම නඩුව ඉදිරිපත් කර තිබූ අතර, මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගෙන ආ යෝජනාවට පෙත්සම්කාර පාර්ශවයේ එකඟත්වය හිමිව තිබිණි.

එනම් දින 69කින් පාපන්දු සම්මේලන නිලවරණය පැවැත්වීමට ඊයේ දිනයේ සිට දින 14ක් ඇතුළත විශේෂ මහා සභාවක් කැඳවා නිලවරණ කමිටුව පත් කිරීමට නියමිතව ඇත.  එසේම ඉදිරි දින 69ක් ඇතුළත මෙම නිලවරණය පැවැත්වීම සඳහා ඊට ඉදිරිපත්ව සිටින සියලුම පාර්ශ්වයන් එකඟතාව පළකර ඇති බවද දැනගන්නට ඇත.

තවද පාපන්දු නිලවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලමින් පාපන්දු ලීගයන් 40ක් මෝසමක් මාර්ගයෙන් මැදිහත් පාර්ශ්වයක් ලෙස මෙම නඩුවට එක්ව ඇති බවද පාපන්දු ආරංචි මාර්ග සඳහන් කරයි.මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ එරාජ් ද සිල්වා, දමින්ද විජේරත්න, සුල් ලුතුෆි, දිමුතු කුරුප්පුආරච්චි යන මහත්වරුන් පෙනී සිටියහ.

ගමිත දෙහිපිටිය

පෙර ලිපියඇඹිලිපිටිය ජනාධිපති, ගම්පහ තක්ෂිලා, රාගම බැසිලිකා,  සහ මහරගම ජනාධිපති තෙවැනි ජය ලබතිි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here