Home Local News Room : චක්‍රලේඛය තඹයකට නොතකා ගුරුදෙණියේ ඉඩකඩ තිබියදී නුවර අධ්‍යාපන වැඩමුළුව...

News Room : චක්‍රලේඛය තඹයකට නොතකා ගුරුදෙණියේ ඉඩකඩ තිබියදී නුවර අධ්‍යාපන වැඩමුළුව හන්තානට ගෙනිහින්

1
0

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතුව මහනුවර ගුරුදෙණියේ සියලු පහසුකම් සහිත පුහුණු මධ්‍යස්ථානයක් තිබියදී රජයේ මුදල් වැය කරමින් පළාතේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සඳහා දෙදින පුහුණු වැඩසටහනක් හන්තාන රත්නසිරි වික්‍රමනායක පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වීම සම්බන්ධයෙන් ලිඛිතව කරුණු විමසීමට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න පියවර ගෙන තිබේ.

මෙම පුහුණු වැඩසටහන ඊයේ (ඔක්. 25) ආරම්භ වූ අතර ඒ සඳහා පළාතේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු ඇතුළු 40 දෙනෙකු සහභාගි වී ඇත. මෙම නේවාසික පුහුණු වැඩසටහන අද (ඔක්. 26) දිනයේත් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙම සම්මන්ත්‍රණය අතරතුර මධ්‍යම පළාතේ හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් අගයා ඔවුන්ට සමරු ඵලක ප්‍රදානයක් ද සිදුකර ඇත.

රජයේ වාහන සපයා ඇති නිලධාරීන් හැරුණුවිට සෙසු පිරිස අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අයත් බස් රථයෙන් හා වෑන් රථයෙන් හන්තාන රත්නසිරි වික්‍රමනායක පුහුණු මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.

ගුරුදෙණිය පුහුණු මධ්‍යස්ථානයේ මෙම දිනවල නේවාසික පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක වන බැවින් අදාළ වැඩසටහන හන්තාන රත්නසිරි වික්‍රමනායක පුහුණු මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බව පළාත් අධ්‍යාපන බලධාරීන් තමන්ට දැනුම් දුන් බව මේ සම්බන්ධව කළ විමසීමකදී මධ්‍යම පළාත් ප්‍ර‍ධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා කීය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය සම්බන්ධ විශේෂ රැස්වීමක් මෙම මස 30 දින පැවැත්වෙන බව ත් ඒ සඳහා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ අදහස් ලබා ගැනීම අරමුණු කර ගනිමින් මෙම සම්මන්ත්‍රණය පවත්වන බව දැනගන්නට ඇතැයි ඒ මහතා පැවසුවේ ය.

පෙර ලිපියගොඩනැගිලි ද්‍රව්‍ය මිල 400%කින් ඉහළට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here