Home Local News Room : කාන්තා ක්‍රිකට් පිලේ  ප්‍රධාන පුහුණුකරු ධූරයෙන්  හෂාන් තිලකරත්න ඉල්ලා...

News Room : කාන්තා ක්‍රිකට් පිලේ  ප්‍රධාන පුහුණුකරු ධූරයෙන්  හෂාන් තිලකරත්න ඉල්ලා අස්වෙයි

4
0

ශ්‍රී  ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරන්ත එම තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනය වෙත යොමු කර ඇති බව ‘මව්බිම’ට වාර්තා වේ.

ඒ අනුව හෂාන් තම ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කර ඇති බවත් එය පිළිගන්නේද නැද්ද යන්න මෙතෙක් ක්‍රිකට් ආයතනය පාර්ශ්වයෙන් සඳහන් කර නොමැති බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් හෂාන් තිලකරන්ත සහ ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය අතර කාන්තා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා වන ගිවිසුමේ කාලය ද එළැඹෙන නොවැම්බර් මස 31 වැනිදායින් අවසන් වීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.

එසේම බංග්ලාදේශ ජාතික කණ්ඩායමක ඉහළ තනතුරක් නුදුරු කාලයේදීම හෂාන් තිලකරත්නට හිමිවීමට වැඩි ඉඩක් පවත්නා බවද සඳහන්ය.

2021 වසරේ ජූනි මස කාන්තා ජාතික පිලේ ප්‍රදාන පුහුණුකරු ලෙසින් වගකීම භාරගත් හෂාන් තිලකරන්තගේ මඟපෙන්වීම යටතේ නිමා වූ ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී  ලංකා කාන්තා කණ්ඩායම අනුශූරතාව හිමිකරගත්තේය.

ගමිත දෙහිපිටිය  

පෙර ලිපියඉදිරි සති දෙකේදී භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවතට!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here