අද (ඔක්. 25) පෙරවරුවේ බිඳවැටී තිබුණු WhatsApp යෙදුම මේ වනවිට යථා තත්ත්වයට පත් වී තිබේ.
ඒ අනුව, WhatsApp web මෙන් ම WhatsApp desktop ද මේ වන විට යථා තත්ත්වයට පත් වී ඇත.
කෙසේ වෙතත්, බිඳ වැටීම සම්බන්ධයෙන් WhatsApp සමාගම මේ වනතුරු ප්රකාශයක් නිකුත් කර නොමැත.
WhatsApp හරහා පණිවිඩ යැවීම හෝ ලැබීම සිදු කිරීමට නොහැකි වීම හේතුවෙන් ලොව පුරා සිටින WhatsApp පරිශීලකයෝ අද අපහසුතාවට පත්වූහ.