Home Local News Room : ළමාරක්ෂකය දැන්වත් නැඟිටින්න – මව්බිම

News Room : ළමාරක්ෂකය දැන්වත් නැඟිටින්න – මව්බිම

3
0

ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් කඩිනම් විස¾දුම් සෙවීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන්  අද (25දා) දිනයේදී විශේෂ සාකච්ජාවකට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට කැඳවා තිබේ.

රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහගෙන් ‘මව්බිම’ කළ විමසීමකදී සඳහන් කළේ, මේ සාකච්ඡාවෙන් අනතුරුව ළමා අපයෝජන සිදුවීම් පිළිබඳව කඩිනමින් විස¾දුම් ලබා ගැනීම සඳහා කමිටුවක් පත් කිරීමටද සැලසුම් කොට ඇති බවය. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමයින් සම්බන්ධ සිදුවීම්වලදී නිද්‍රාශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවටද ඇමැතිවරිය චෝදනා කළාය.

පවතින ප්‍රවණතා හමුවේ එම අධිකාරිය තම නිද්‍රාශීලී ප්‍රතිපත්තියෙන් අවදි වී කාර්යක්ෂමව කටයුතු කළ යුතුව ඇතැයිද ඇය කීවාය.

එමෙන්ම යම් නිලධාරියකුට ළමයින් සම්බන්ධ කරුණුවලදී කාර්යක්ෂමව කටයුතු කළ නොහැකි නම් රැකියාව අතහැර ගෙදර යා හැකියි යැයිද ඇමැතිවරිය අවධාරණය කළාය.

එමෙන්ම ඉදිරියේදී ළමයින්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විෂය භාර අමාත්‍යවරිය ලෙස නව යෝජනාවලියක් ඉදිරිපත් කරන බවද ගීතා කුමාරසිංහ තවදුරටත් පැවැසුවාය.

මිතුන් ජයවර්ධන, සවනි ශේශාධි

පෙර ලිපියගහෙන් වැටුණුු රටේ ආර්ථිකයට රනිල් ඇනගෙන ඇනගෙන යනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here