හොබාත් පිටියට ඊයේ (24දා) රාත්‍රියේදී ඇද වැටුණු වර්ෂාව හේතුවෙන් සිම්බාබ්වේ හා දකුණු අප්‍රිකා තරගය විසඳුමක් නොමැතිව අවසන් විය.
වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 9කට සීමා වූ අතර, පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිල පන්දුවාර 9කදී කඩුලු 5කට ලකුණු 79ක් ලබා තිබියදී තරගයට නැවතත් වර්ෂාවෙන් බාධා එල්ල විය. මේ හේතුවෙන් ද. අප්‍රිකානු පිලට පන්දුවාර 7කදී ලකුණු 64ක ඉලක්කයක් හිමිවිය. එහෙත් එම ඉලක්කය අප්‍රිකානුවන් සාර්ථකව සම්පූර්ණ කරමින් සිටියදී නැවතත් වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය නතර කිරීමට විනිසුරුවන් විසින් තීරණය කළේය. ඒ අනුව දෙපිලටම එක ලකුණ බැගින් හිමි වී තිබිණි.
එහිදී දකුණු අප්‍රිකානු පිලේ ක්වින්ටන් ඩි කොක් පන්දු 18කදී හතරේ පහර 8ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 47ක් ලබාගත්තේය.
මේ අතර ඊයේ පැවැති බංග්ලාදේශය හා නෙදර්ලන්තය අතර තරගයේදී ලකුණු 9ක සියුම් ජයක් බංග්ලාදේශය ඉන්දියාවත් අභිභවමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත්ව සිටී.
ඒ අනුව හෝබාත්හිදී පැවැති මෙම තරගයේ බංග්ලාදේශය ලැබූ ලකුණු 144ට පිළිතුරු සැපයූ නෙදර්ලන්තයට ලබාගැනීමට හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 135ක් පමණි.
එහිදී බංග්ලාදේශයෙන් එල්ල වූ ලකුණු 145ක ඉලක්කය පසු කිරීමට පැමිණි නෙදර්ලන්ත පිලේ කොලින් අක්‍රමන් ලකුණු 62ක් ලබාගනිමින් නෙදර්ලන්ත පිල ජයග්‍රහණය කරා ගෙනයෑමට උත්සාහ ගත්තද සෙසු පිතිකරුවන්ගේ දියාරු පිතිහරඹය හේතුවෙන් එම උත්සාහය බිඳී ගියේය.
බංග්ලාදේශ පිලේ ටස්කින් අහමඩ් ලකුණු 25කට කඩුලු 4ක් දවාගනිමින් බංග්ලාදේශය ජයග්‍රහණය කරා රැගෙන ගිය අතර, මේ හේතුව නිසාම ඔහුට තරගයේ වීරයා සම්මානයද හිමිවිය.
ලකුණු සාරාංශය
සිම්බාබ්වේ-ද.අප්‍රිකා තරගය
සිම්බාබ්වේ (පන්දුවාර 9කදී කඩුලු 5කට) 79 (වෙස්ලි මදවේරා 35, එන්ගිඩි 2/20)
ද. අප්‍රිකාව (පන්දුවාර 3කදී කිසිවකු නොදැවී) 51 (ක්වින්ටන් ඩි කොක් නොදැවී 47)
The post සිම්බාබ්වේට වැස්ස පිහිට වෙයි appeared first on මව්බිම.