Home Local News Room : යාල සිද්ධියට මග පෙන්වන්නන්ගේ හා නිලධාරීන්ගේ සේවය අත්හිටුවයි

News Room : යාල සිද්ධියට මග පෙන්වන්නන්ගේ හා නිලධාරීන්ගේ සේවය අත්හිටුවයි

1
0
පසුගිය දා වන සතුන්ට හිරිහැර වන අයුරින් යාල වනෝද්‍යානයේ වාහන ධාවනය කළ පිරිස සම්බන්ධයෙන් වහා ම ක්‍රියාත්මක වන පරිදි නීතිය ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.
 
සංවේදී පරිසර කලාපයක මේ අයුරින් වන සතුන්ට හිංසා වන ලෙස වාහන ධාවනය කිරීමේදී ඒ සම්බන්ධව කිසිදු මැදිහත්වීමක් නොකළ මග පෙන්වන්නන් හා අනෙකුත් නිලධාරීන් සම්බන්ධව ද විමර්ශනයක් ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී ඇත.  

වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත යටතේ මෙම පිරිස සිදු කර තිබෙන්නේ බලවත් විෂමාචාරයක් බව ද අමාත්‍යවරයා පැවසීය.
 
ඒ අනුව, විමර්ශනය අවසන් වන තෙක් මෙම පිරිස සමග ගිය මග පෙන්වන්නන් හා නිලධාරීන්ගේ සේවය අත්හිටුවා විමර්ශන ආරම්භ කිරීමට කටයුතු කරන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රා හේරත් පවසයි. 

මෙවැනි සිදුවීමක් සිදු වන්නේ නම් එම නිලධාරින්ට ඊට මැදිහත් වීමට හෝ ඉහළ නිලධාරීන්ට දැනුම් දීමට හැකියාව තිබූ බව ත් ඔවුන් ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති බව ත් ලේකම්වරිය ප්‍රකාශ කර ඇත.
 
මෙම පිරිස කුමන තරාතිරමක අය වුව ත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස දන්වා පොලිස්පතිවරයාට ලිපියක් යවන ලෙස ද අමාත්‍යවරයා  ලේකම්වරියට උපදෙස් දී ඇත.
 
මේ අතර, මෙවැනි සිද්ධි නැවත සිදුවීම වළක්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කරන ලෙස ද අමාත්‍යවරයා ඊයේ (ඔක්.  24) අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.



 
පෙර ලිපියBREAKING NEWS: ලෝකය පුරා WhatsApp බිඳ වැටේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here