Home Local News Room : මාවනැල්ලේදී බස් රථ දෙකක් ගැටී 38කට තුවාල: විශ්‍රාමික ගුරුවරියක්...

News Room : මාවනැල්ලේදී බස් රථ දෙකක් ගැටී 38කට තුවාල: විශ්‍රාමික ගුරුවරියක් මරුට (PHOTOS)

1
0

මාවනැල්ල, උතුවන්කන්ද ප්‍රදේශයේදී ලංගම බස් රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් අද දහවල් කාලයේ අනතුරක් සිදු වී තිබේ.

අනතුරින් කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 38 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා මාවැනැල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිසිය සඳහන් කළේ, බරපතළ තත්ත්වයේ පසු වූ වයස අවුරුදු 67ක් වූ කෑගල්ල, ‍ෙමාළගොඩ ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික ගුරුවරියක ජීවිතක්ෂයට පත් වී ඇති බව ය.

මාවනැල්ල දෙස සිට කෑගල්ල දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයේ මගීන් ගැනීම සඳහා නවතා තිබූ බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී කෑගල්ල දෙස සිට නුවර දෙසට ධාවනය වූ පුද්ගලික මගී බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු ඇති බව පොලිසිය පැවසීය.

අනතුර සම්බන්ධයෙන් බස් රථ දෙකෙහි රියැදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඡායාරූප: කේ.වී. බණ්ඩාර – මාවනැල්ල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here