විහාරස්ථානවලදී බාලවයස්කාර දරුවන්ට අඩන්තේට්ටම් සිදුවීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගෙන් තමා වහාම වාර්තාවක් කැඳවී යැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ‘මව්බිමට‘ පැවැසීය.
කුඩා දරුවන් මහණ කිරීමට යැයි කියමින් විහාරස්ථානවලට ගෙනැවිත් අඩන්තේට්ටම්වලට ලක්කර ඇතැයි විවිධ පාර්ශ්ව වෙතින් ලැබුණු පැමිණිලි සලකා බලා මෙම වාර්තාව කැඳවූ බවද ඇමැතිවරයා සඳහන් කළේය.
මෙවැනි කටයුතුවලට තමන් දැඩි සේ විරුද්ධ බවත්, විහාරස්ථානවලදී මෙවැනි වැරදි කරන පුද්ගලයන්ට නීතියෙන් දඬුවම් ලබාදිය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.
මෙවැනි වරදවල් සම්බන්ධයෙන් නීත්‍යනුකූලව කටයුතු කළ හැකි ආකාරය සොයා බලන බව පැවැසූ වික්‍රමනායක මහතා මේ සම්බන්ධව තෛ්‍රනිකායික මහනායක හිමිවරුන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව කීවේය.
විහාර හා දේවාලගම් පනතට සහ ථෙරවාදී භික්ෂු කතිකාවත් පනතට සංශෝධන ගෙනැවිත් මෙවැනි අකටයුතුකම් වැළැක්වීමට හැකියාව පවතී දැයි සොයා බලා පාර්ලිමේන්තුවට යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
කාලීනව මෙම පනත් සංශෝධනය විය යුතු බවත්, විහාරස්ථානවල කටයුතු සම්බන්ධයෙන් මෙම පනත්වල බැඳීමක් තිබෙන බවත් ඇමැතිවරයා පැවැසීය.
මෙවැනි කරුණුවලදී සර්වකාලීන විසඳුම් සෙවිය නොහැකි බව කී හෙතෙම වැරදි කරන භික්ෂුන් සිවුරෙන් ඉවත් කිරීම වැනි දණ්ඩන බලගැන්විය යුතු බව පෙන්වා දෙයි.
බුද්ධ ශාසනයෙන් හෝ අනෙකුත් ආගම්වලින් ප්‍රායෝගික මිනිසකු බිහිකර ගැනීමට නොහැකි වී තිබෙන බවත්, භික්ෂුන් වහන්සේලා හා අනෙකුත් ආගමික නායකයන් ප්‍රතිසංස්කරණවලට ලක්විය යුතු බවත් වික්‍රමනායක මහතා කීවේය.
පුද්ගලයන් අවබෝධයකින් තොරව මහණකමට ඇතුළත් වන තාක්කල් කොතරම් වැඩපිළිවෙළවල් ඉදිරිපත් කළද ඉන් ප්‍රයෝජනයක් අත්නොවන බවද ඔහු පැවැසීය. තමන් චීවරය දරනුයේ කුමක් සඳහා දැයි ශාසනයට ඇතුළත් වන පුද්ගලයන් කල්පනා කළ යුතු බවත්, දුප්පත්කම හේතුවෙන් කුඩා ළමයින් මහණ කිරීම නිසාද විහාරස්ථානවල ගැටලු ඇතිවන බවත් වික්‍රමනායක මහතා සඳහන් කළේය.
විහාරස්ථානවල නායක පදවියට හෝ විහාරස්ථානයේ දේපොළ බෙදාගත නොහැකිව භික්ෂුන් වහන්සේලා අධිකරණවල එකිනෙකාට චෝදනා කරගන්නා බවත්, මෙවැනි කටයුතු පිළිබඳව තවදුරටත් කල්පනා කර බැලිය යුතු බවත් හෙතෙම කීවේය.
ජනතාව විහාරස්ථානවලින් අෑත්වීම සම්බන්ධව සියලු දෙනා සොයාබැලිය යුතු බවත්, සෑම විටම රෝග නිධානයට විස¾දුම් සොයා ගැනීම අවශ්‍ය බවත් වික්‍රමනායක මහතා පෙන්වා දෙයි.
බොහෝ ගැටලුවලට විස¾දුම් ලෙස ස්වාමීන් වහන්සේලාට වෙන වෙනම නිවාස ඉදිකර දීමට තමාගේ යෝජනාවක් තිබෙන බවත්, මේ සම්බන්ධව මහනායක හිමිවරුන්ගේ අදහස දැන ගැනීමට බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.