අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි රෝහල්ගත කර තිබේ.
කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ, උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් උන්වහන්සේ රෝහල්ගත කළ බව ය.
පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ හෂාන් ජීවන්ත අගෝ. 18 වන දා කොළඹ පැවති විරෝධතාවකදී අත්අඩංගුවට ගෙන තිබිණි.
පසුව ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවා තබා ගැනීමට අවසර හිමි වුණු අතර හෂාන් ජීවන්ත දින 50කට පසු නිදහස් කෙරිණි.