Home Local News Room : දික්වැල්ල, මතීෂ හා අසිතත් ශ්‍රී ලංකා සංචිතයට

News Room : දික්වැල්ල, මතීෂ හා අසිතත් ශ්‍රී ලංකා සංචිතයට

0
0

ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේදී ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය අද (25දා) පර්ත්හි වකා (W.A.C.A.) (Western Australia Cricket Association) ක්‍රීඩා  පිටියේදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30ට ආරම්භ වීමට නියමිතය.

පසුගිය දිනවල 10-18°C අතර යම් අපහසු දේශගුණික තත්ත්වයක් යටතේ ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා පිලට සිදුව තිබුණද අද තරගය පැවැත්වෙන පර්ත් නුවර දේශගුණික තත්ත්වය 21ෟඛ් පමණ ගණනකට පැවැතිය හැකි බව වාර්තා වේ.

විස්සයි-20 ජාත්‍යන්තර ශේ්‍රණිගත කිරීම්හි 6වැනි ස්ථානයේ පසුවන සත්කාරකයනුත්, අටවැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවත් විස්සයි-20 තරගයක් සඳහා මෙම පිටියේදී හමුවන්නේ වසර 12කට පසුව වීමද කැපී පෙනේ.  2010 වසරේදී දෙපිල අතර මෙම පිටියේදී පැවැති එම තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිව තිබීමද වත්මන් ශ්‍රී ලංකා පිලට අමතර ශක්තියක් ලබාදෙනවාට සැක නැත.

නවසීලන්තය සමඟින් පැවැති පළමු තරගයේදීම අනපේක්‍ෂිත පරාජයක් ලැබූ ඕස්ට්‍රේලියානුවන්ගේ මානසික තත්ත්වයට වඩා මේ වනවිට ජයග්‍රාහී රිද්මයට පැමිණ ඇති ශ්‍රී ලංකාවේ මානසිකත්වය ඉහළ අගයක් ගෙන ඇති බැවින් අද තරගයේදී නිරවුල් මානසිකත්වයකින් යුතුව පිටියට පිවිසීමට ශ්‍රී ලංකාව හැකිව ඇති බව පෙනී යයි.

එසේම කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, පැතුම් නිස්සංක වැනි පිතිකරුවන් ලකුණු අතරට පැමිණ තිබීම මෙන්ම මහීෂ් තීක්‍ෂණ, වනිඳු හසරංග හා බිනුර ප්‍රනාන්දු යන පන්දු යවන්නන් ඔවුන්ගේ රිද්මයට පැමිණ තිබීම ශ්‍රී ලංකාව පැත්තෙන් යහපත් තත්ත්වයකි. 

තවද භානුක රාජපක්‍ෂ හා ශ්‍රී ලංකා නායක දසුන් ශානක මැද පෙළ ශක්තිමත් කිරීමට පෙළ ගැසී ඇති බැවින් ශ්‍රී ලංකා පිලේ ගමනට එයින් ලැබෙන ගැම්ම අතිශයින්ම වැදගත්ය.

පසුගිය අයර්ලන්ත තරගයට එක් නොවූ පැතුම් නිස්සංක හා ප්‍රමෝද් මධුශාන් අද තරගයටත් ක්‍රීඩා කිරීමේ අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇති බව පැවැසෙන හෙයින් මේ පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු මහින්ද හලංගොඩ මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු පැවැසුවේ මෙවැන්නකි.

“පැතුම් හා ප්‍රමෝද් මධුශාන් සුව අතට පත්වෙලා තියෙනවා. මට කියන්න බැහැ තේරීම් කමිටුව මොන තීරණයක් ගනීවිද කියලා. ඒ කුමන තීරණයක් ගත්තත් ඔවුන් දැන් සම්පූර්ණයෙන්ම සුව අතට පැමිණිලා තියෙනවා කියලා මට කියන්න පුලුවන්”

කෙසේ වෙතත් හිස්ව ඇති ශ්‍රී ලංකා සංචිතය සඳහා නිරෝෂන් දික්වැල්ල, මතීෂ පතිරණ හා අසිත ප්‍රනාන්දු කැඳවීමට තීරණය කර ඇතැයි පැවැසේ.

මේ අතර තරගයට සමගාමීව ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මහීෂ් තීක්ෂණ සඳහන් කළේ නවසීලන්තය සමඟින් පැවැති තරගයෙන් පරාජයට පත්ව ඇති ඕස්ට්‍රේලියානුවන්ට වඩා ශ්‍රී  ලංකා පිල ඉහළ මානසිකත්වයකින් අද තරගයට මුහුණදෙනු ඇති බවත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට තම කණ්ඩායමට හැකියාවක් ඇති බවත්ය.

අද තරගයට ක්‍රීඩා කිරීමට ඉඩ ඇතැයි සැලකෙන ශ්‍රී ලංකා පිල

දසුන් ශානක (නායක), චරිත් අසලංක, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්‍ෂ, අශේන් බණ්ඩාර, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්‍ෂණ, බිනුර ප්‍රනාන්දු, ළහිරු කුමාර

විචිත්‍ර වීරසිංහ ඕස්ට්‍රේලියාවේ සිට.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here