Home Local News Room : ඡන්දය කල් දාන්නේ රනිල්ට තමන්ගේ තරම පෙනෙන නිසයි

News Room : ඡන්දය කල් දාන්නේ රනිල්ට තමන්ගේ තරම පෙනෙන නිසයි

1
0

“ඡන්ද කල් දැමීමේ ප්‍රධාන හේතුව රනිල්ට  තමන්ගේ තරම කොපමණදැයි පෙනීම බව ජාතික  ජන බලවේගයේ  නායක කොළඹ දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රි  අනුර  කුමාර දිසානායක  පවසයි.

රනිල් වික්‍රමසිංහටත් මේ ආණ්ඩුවටත් ජනවරමක් නැති බව සංකල්පයක් හැටියට අපට ප්‍රකාශ කළ හැකි නමුත් එය මැනගත හැක්කේ ඡන්දයකින් බවද මන්ත්‍රිවරයා පවසයි.

“රනිල් වික්‍රමසිංහ වගේම රාජපක්ෂ පවුල් පාලනයත් එක ලෙස මැදිහත්වීමෙන් වර්තමාන අර්බුදය නිර්මාණය කළා. ඒත් අර්බුදය නිර්මාණය කළ අය පැත්තකට වී අර්බුදයේ බර ජනතාවට පටවා තිබෙනවා. ආර්ථික අර්බුදය තියුණු වෙමින් දේශපාලන අර්බුදයත් සමඟ වේගයෙන් කඩා වැටෙමින් තිබෙනවා.

මේ තත්ත්වයෙන් රට ගොඩගත හැකි වන්නේ ජනතාවගේ විශ්වාසය දිනාගත් පාලනයකට පමණයි. ඒත් ඡන්දයකින් පැරැදිලා මන්ත්‍රිකමවත් නැති වුණ ජනවරමක් නැති රනිල් වික්‍රමසිංහ නව ජනවරමකට ඉඩ නොදී ජනාධිපති පුටුවේ වාඩිවෙලා ඡන්ද කල්දාන්න හදනවා. මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය  රාජපක්ෂ පැනලා ගියාට පස්සේ ඔවුන් නැවත ස්ථාපිත වෙන්න අවශ්‍ය ආරක්ෂාව සලසා ගත හැකි පුද්ගලයා හැටියට රාජපක්ෂ පවුල විසින් තෝරා ගත්තා. රනිල් වික්‍රමසිංහටත් මේ ආණ්ඩුවටත් ජනවරමක් නැති බව සංකල්පයක් හැටියට අපි ප්‍රකාශ කරනවා.

ඒත් එය මැනගත හැක්කේ ඡන්දයකිනුයි. ඡන්දයක් පැවැත්වූවොත් රනිල්ට රනිල්ගේ තරම පේන්න පටන් ගන්නවා. ව්‍යවස්ථාවෙන් ජනාධිපති පුටුව ලැබුණත් මහජන මතයෙන් බලය නැති බව ඕනෑම ඡන්දයකදී හෙළිවෙනවා. මේ තත්ත්වය වළක්වා ගන්න ඡන්ද කල් දමන්න රනිල් වික්‍රමසිංහ ක්‍රියා කරනවා. පොහොට්ටුවටත් තමන්ගේ ආණ්ඩුවේ බලය නැතිව යනවා. ඡන්ද කල් දැමීමේ පළමුවැනි හේතුව තමන්ගේ තරම ප්‍රකාශ වෙන එක වළක්වා ගැනීමයි“ යැයිද  හෙතෙම  වැඩිදුරටත්  පැවැසීය.

අනුරාධා හේරත්

පෙර ලිපියගහෙන් වැටුණුු රටේ ආර්ථිකයට රනිල් ඇනගෙන ඇනගෙන යනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here