ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වැසි හේතුවෙන් කාසල්රී හා විමලසුරේන්ද්‍ර ජලාශ වාන් දමමින් ඇති අතර කොත්මලේ ජලාශයේ එක් වාන් ෙදාරටුවක් ඊයේ (24දා) අලුයම විවෘත කළ බවද.
නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ රංජිත් අලහකෝන් ‘මව්බිම’ ට පැවැසීය.
කෙසේ වෙතත් තවදුරටත් මහ වැසි වැටුණොත් කොත්මලේ ජලාශයේ වාන් ෙදාරටු පහක් ස්වයංක්‍රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහළ කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් විය යුතු යැයිද හෙතෙම සඳහන් කළේය.
මස්කෙළිය හා මාවුස්සාකැලේ ජලාශවලද ඊයේ (24දා) උදෑසන සිට වාන් ෙදාරටු තුනක් අඟල් 3 බැගින් විවෘත කර ඇතැයිද සහකාර අධ්‍යක්‍ෂවරයා කීය.
කාසල්රී ජල මට්ටම ඉහළ යෑමත් සමඟම එයින් ජලය ලබාගෙන විදුලිය උත්පාදනය කරන විමලසුරේන්ද්‍ර, කැනියොන්, ලක්‍ෂපාන, නව ලක්‍ෂපාන හා පොල්පිටිය යන බලාගාරවල ජල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදුවන බව එම බලාගාර ඉන්ජිනේරුවෝ පවසති.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවමත් ධාරානිපාත වැසි වැටෙමින් පවතින අතර සෙන්ට් ක්ලෙයාර් හා ඩෙවොන් දිය ඇලිවල ජල ධාරිතාවද ඉහළ ගොස් තිබේ.
නොර්වුඩ් – නීටා පත්මකුමාරි