Home Local News Room : පුංචි පැටව් 3කගෙන් ලොකු සාදු සැප අරන්

News Room : පුංචි පැටව් 3කගෙන් ලොකු සාදු සැප අරන්

0
0

ගාල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක වෙසෙන කුඩා සාමණේර හිමි නමක් සහ බාල වයස්කාර දරුවන් දෙදෙනකු අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි සිටි ජ්‍යෙෂ්ඨ ස්වාමින්වහන්සේ නමක් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා ඇත.

එම බාලවයස්කාර දරුවන් තිදෙනා ලවා තම සිරුර සම්බාහනය කරගත්තේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.

එහිදී කළ විමර්ශන අනුව එම සිද්ධියට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් හිමිනම අධිකරණය හමුවට පමුණුවා ඇත.

සමාජ මාධ්‍ය තුළ මේ සිදුවීම සම්බන්ධයෙන් සංසරණය වූ වීඩියෝවෙහි දැක්වෙන අයුරින් වැඩිහිටි භික්ෂුන් වහන්සේ නමක්, කුඩා දරුවන් දෙදෙනකු හා සාමණේර හිමිනමක් ලවා සිය ශරීරය සම්බාහනය කර ගන්නා බවක් දිස් වේ.

එහිදී යම් කරුණක් පිළිබඳව උරණ වන එම භික්ෂුන් වහන්සේ එක් දරුවෙකුට වැරෙන් මුහුණට පහර දෙන අයුරුද එම වීඩියෝවෙහි දැක්වේ.

පෙර ලිපියඅදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here