වසර දෙකක පමණ කාලයක සිට අත් පා ඇඳක බැඳ ගැට ගසා දමා සිටින තුන් හැවිරිදි කුඩා දරුවකු පිළිබඳ සංවේදී පුවතක් දඹුල්ල බුලන්වැව අතුපාරයාය ප්‍රදේශයෙන්
වාර්තා වේ. හ¾දුනා නොගත් රෝගයකින් පෙළෙන තුන් හැවිරිදි පුංචි දරුවා ඔහුගේ ආරක්ෂාව සඳහාම සිය මව විසින් මේ ආකාරයෙන් අත් දෙක දිවා කාලයේ ඇඳක දමා බැඳ තබමින් රාත්‍රි කාලයේ කකුල් දෙකද බැඳ නිදි කරවන බව දරුවාගේ මව වන ජේ. අනුෂා දිල්රුක්ෂි (34) මහත්මිය පැවැසුවාය.
මෙම පිරිමි දරුවාට වසරක් පමණ ගත වෙද්දී එක වරම හ¾දුනා නොගත් රෝගයක් ලෙස ඔහු තම ශරීරයට අත් දෙකෙන් පහරදීම, හිස බිත්තිවල සහ පොළොවේ ගසා ගැනීම, ළඟට එන අනෙකුත් අයට පහරදී සපාකෑම් ආදී විවිධ විකෘති ක්‍රියාවලට යොමුවූ බව මව කියන්නීය.
මෙම තත්ත්වයෙන් දරුවා මුදා ගැනීම සඳහා මෙම මව – පියා ඔවුන්ට හැකි ආකාරයෙන් වෛද්‍යවරුන්ට පෙන්වා විවිධ පරීක්ෂණ පවත්වා ප්‍රතිකාර කටයුතුද කළ බවත් වෛද්‍යවරුන් සඳහන් කරන්නේ දරුවාට කිසිදු රෝගයක් නොමැති බවත් යැයි දරුවාගේ මව පවසන්නීය.
තවත් පරීක්ෂණ කිහිපයක් කර ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් ලැබී ඇතත් එම වෛද්‍ය පරීක්ෂණ කර ගැනීමට තමන්ට ආර්ථික ශක්තියක් නැති බවද ඇය සඳහන් කළාය.
දරුවාගේ පියා චමින්ද කුලසූරිය (36) මහතා කුලී වැඩක් කරමින් වැඩිමහල් දරුවා වන කවි¾දු කුලසූරිය (13) ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම වයස අවුරුදු තුනක් වූ මෙම රෝගීන් තත්ත්වයට පත්ව සිටින ඕෂද කුලසූරිය දරුවා ජීවත් කරවන බව ඇය දැඩි සංවේගයෙන් යුතුව පැවැසුවාය.
රෝගී තත්ත්වයෙන් පෙළෙන තුන් හැවිරිදි දරුවා අතපය ලිහා දැමූ විගස තම අත් දෙකෙන්ම ඔහුගේම මුහුණට හිසට දැඩි ලෙස පහර දෙන බවත් එය වර්ධනය වී එකවරම බිත්තියේ සහ පොළොවේ ඔහුගේම හිස තුවාල වනතුරු පහරදී ගලන රුධිරය ඔහු විසින්ම ආහාරයට ගැනීමට උත්සාහ කරන බව සඳහන් කළාය.
දරුවාගේ මෙම තත්ත්වය නවතා ගැනීම සඳහා කළ යුතු එකම ක්‍රියාමාර්ගය දරුවාට එවැනි සිද්ධියක් කර ගැනීමට නොහැකි වන පරිදි අත් දෙක ගැට ගසා තැබීම බවත් එය දැඩි වේදනාවෙන් යුතුව වුවද කිරීමට සිදුවන බව සඳහන් කර සිටියාය.
දවසේ කුලී වැඩ කර ගෙන නිවෙසට එන තම සැමියාට නිවෙස ඇතුළේ නිදා ගැනීමට එම දරුවා ඉඩ නොදෙන නිසා එළියේ වෙනත් ප්‍රදේශයක තම සැමියා නිදා ගන්නා බවත් වැඩිමහල් දරුවාට පවා ළඟට ඒමට ඉඩ නොදී පහරදී සපා බවත් සඳහන් කර සිටී.
කවුරුන් හෝ ඉදිරිපත්ව තම දරුවාට වැලඳී ඇති රෝග තත්ත්වය පිළිබඳව සොයා බලා ප්‍රතිකාරයක් ලබා දෙන ලෙස ඇය සමාජයෙන් ඉල්ලීමක්ද කළාය. නිසි ලෙස ආහාර වේලක් හෝ සපයා ගැනීමට නොහැකිව අන්ත අසරණ තත්ත්වයට තම පවුල පත්ව සිටින බවද සඳහන් කළ ඇය වැඩිදුරටත් කියා සිටියේ, ආර්ථික අතින් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින නිසා දරුවාට ප්‍රතිකාරයක් කර ගැනීමට නොහැකි බවය.
මෙම දරුවාට කවුරුන් හෝ පිහිට වන්නේ නම් ඔවුන්ගේ ලිපිනය ජේ. අනූෂා දිල්රුක්ෂි, බුලන්වල අතුපාරයාය. දුරකථන අංකය 076 9180 743. ඇයගේ නමට ලංකා බැංකුවේ කොළොන්න ශාඛාවේ බැංකු ගිණුමක්ද ඇත ගිණුම් අංකය 77104376.
දඹුල්ල – කේ.කේ. ආරියදාස