අරගලය මුවාවෙන් ප්‍රචණ්ඩ ක්‍රියා කොට තමන්ගේ දේශපාලන බලය පෙන්වීමට උත්සාහ කළ කණ්ඩායම්වලට පාපෝච්චාරණයක් කොට නැවත නිවැරැදි වීමට අවස්ථාව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.
අරගලයට සම්බන්ධ නොවුණු තරුණයන් සහ අරගලය හේතුවෙන් නොමඟ ගිය තරුණයන් සමඟ සාකච්ඡා කිරීමට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
අරගලකරුවන් සම්බන්ධව තමන් මීට පෙර සිදුකළ ආරාධනය ඉදිරියටත් වලංගු බව පැවැසූ හෙතෙම තමා සොයා බලනුයේ තමන්ගේ අනාගතය ගැන නොව මෙම තරුණයන්ගේ අනාගතය ගැන බව ප්‍රකාශ කළේය.
තරුණ පිරිසක් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ ‘යූත් ඉන් ගවර්නන්ස්’ නමැති වැඩසටහනට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේය.
තරුණයන්ට නිවැරැදි වීමට ඉඩදිය යුතු බවත්, එවැනි අවස්ථා වැළැක්විය යුතු නැති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
අරගලය හේතුවෙන් නොමඟ ගිය තරුණයන් වැරැද්දක් කොට රටට හානියක් කළ බව වටහා ගත යුතු යැයිද හෙතෙම ප්‍රකාශ කළේය.
ඕනෑම රටක ආර්ථික තත්ත්වය දුෂ්කර වන විට විවිධ පියවර ගැනීමට සිදුවන බවත් එය මුවාවෙන් ප්‍රචණ්ඩත්වය කරයි නම් ඒ දෙස අලුතින් බැලිය යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අමිත් මධුරංග ගමගේ