ඊජිප්තුවේ දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබද (COP 27) සමුළුවට සමගාමීව පරිසර අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන වෙරළ පවිත්‍රතා වැඩසටහනක් හෙට පස්වරු 2 ට පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙහිවල පිනක් සෝල්ට් බීච් (Pink Salt Beach) තීරයේ දී පැවැත්වේ. පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ මුලිකත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන ක්‍රියාකාරී ස්වේච්චා සංවිධානවල දායකත්වයෙන් සිදුකරන බව පරිසර අමාත්‍යංශය පවසයි. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබද (COP 27) සමුළුව මෙවර ඊජිප්තුවේ ෂාම් එල් ශේයික් නගරයේදී නොවැම්බර් මස 06 සිට 18 දක්වා පැවැත්වේ.