මුදල් රුපියල් ලක්ෂ 21ක් කොල්ල කෑ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (ඔක්. 22) දහවල් කාලයේදී රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 45 හා 50 වයස්වල පසුවන රත්මලාන හා ගල්කිස්ස ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
පොලිසිය සඳහන් කළේ, මොරටුව පිහිටි වෙළෙඳසලක සේවකයෙකු එම වෙළෙඳසලේ රුපියල් ලක්ෂ 21ට අධික මුදලක් බැංකුවක තැන්පත් කිරීමට රැගෙන යමින් සිටියදී මෙම කොල්ල කෑම සිදු වී ඇති බව ය.
මුදල් තැන්පත් කිරීමට ගිය අදාළ සේවකයා පැහැරගෙන ගොස් පහර දී තුවාල සිදු කර මුදල් කොල්ල කා ඇති බවට මොරටුව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විමර්ශනයක් සිදු කර ඇත.
එහිදී කොල්ලකෑම් සඳහා භාවිත කළ කුලී පදනම මත ලබා ගත් වෑන් රථයක්, ඔවුන් භාවිත කළ යතුරුපැදියක්, ත්‍රිරෝද රථයක් සහ තියුණු ආයුධයක් ද සමග අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.
සැකකරුවන් අද (ඔක්. 23) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.