විශිෂ්ටයන් සම්මානයට පාත්‍ර වන බැලන් ඩි ඔර් (Ballon d’Or ) පාපන්දු සම්මාන උළෙල පසුගියදා ප්‍රංශයේ පැරිස් අගනුවරදී නිමාවට පත් විය. එහිදී ප්‍රංශයේ සුපිරි ක්‍රීඩක කරීම් බෙන්සිමා මෙවර ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගැනීමකැපී පෙනිණි. ඒ අනුව මෙවර බෙන්සිමා නියෝජනය කළ කණ්ඩායම යූ.පී.එෆ්.ඒ. ලීග් තරගාවලියේ ශූරතාවය හිමිකරගත් අතර, චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේදී ඔහු නියෝජනය කළ රියල් මැඩ්‍රිඩ් පිලද එහි ශූරතාවයට හිමිකම් කීවේ බෙන්සිමා මෙවර තරග වාරයේදී දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් බව නොරහසකි.
කෙසේ වෙතත් ලොව පාපන්දු ක්‍රීඩකයකුට හිමිවන ඉහළම සම්මානය ලෙස සැලකෙන මෙය ප්‍රංශ ක්‍රීඩකයකුට හිමි වූයේ වසර 24කට පසුව වීමද කැපී පෙනෙන සිදුවීමකි. එසේම 2006 වසරින් පසුව සුපිරිපාපන්දු ක්‍රීඩකයින් වන ලියොනල් මෙසී හෝ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මෙම සම්මානය සඳහා නිර්දේශිත නාමයන් අතරට ඇතුළත් නොවූ පළමු අවස්ථාව මෙය වීමද කැපී පෙනෙන සිදුවීමකි. තවද ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩිකාව ලෙස මෙවර බැලන් ඩි ඔර් සම්මානය හිමිකර ගත්තේ ස්පාඤ්ඤ ක්‍රීඩිකා ඇලෙක්සියා පුටෙල්ලාස් විසිනි.
පාපන්දු ලෝකයේ