Home Local News Room : යක්කලමුල්ලේ වෙඩි තැබීමකින් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකුට තුවාල

News Room : යක්කලමුල්ලේ වෙඩි තැබීමකින් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකුට තුවාල

1
0


ගාල්ල, යක්කලමුල්ල, කළුවලගල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

mawbima.lk කළ විමසීමකදී පොලිසිය සඳහන් කළේ, අද (ඔක්. 19) පෙරවරු 11.30ට පමණ අදාළ වෙඩි තැබීම සිදුව ඇති බව ය.

සිද්ධියෙන් වයස අවුරු 4ක දරුවෙකු සහ වයස අවුරුදු 30ක සහ 34ක පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

ඔවුන් තිදෙනා ප්‍රතිකාර සඳහා මේ වන විට කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය වැඩිදුරට ත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here