මියන්මාරයේ යැංගොන්හි පිහිටි කුප්‍රකට ඉන්සෙයින් බන්ධනාගාරයේ සිදු වූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පාර්සල් කරන ලද බෝම්බ දෙකක් අද (ඔක්. 19) උදෑසන බන්ධනාගාරයේ පිවිසුම අසලදී පුපුරා ගොස් ඇති බව ත් ඉන් බන්ධනාගාර කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් තිදෙනෙකු සහ රැඳවියන් බැලීමට පැමිණ සිටි අමුත්තන් 5 දෙනෙකු මිය ගොස් ඇති බවට ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළ බව ත් ය.
මියන්මාරයේ ඇති විශාල ම බන්ධනාගාරය ඉන්සෙයින් බන්ධනාගාරය වන අතර එහි සිරකරුවෝ 10,000කට ආසන්න සංඛ්‍යාවක් සිටිති. ඉන් බහුතරයක් දේශපාලන සිරකරුවෝ වෙති.
ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පාර්ශවයක් වගකීම භාරගෙන නොමැති අතර ඉන් පුද්ගලයින් 10 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ.
බන්ධනාගාරයේ තැපැල් කාමරයේදී අදාළ බෝම්බ පුපුරා ගොස් ඇතැයි අතර මේ වන විට එම ස්ථානයේ දැඩි හමුදා භට පිරිසක් රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
සියවසක් පමණ පැරණි ඉන්සෙයින් බන්ධනාගාරය දරුණු පරිසරය සහ සිරකරුවන්ට සිදු කෙරෙන අමානුෂික වධ දීම් සම්බන්ධයෙන් කුප්‍රකට බව අයිතිවාසකම් කණ්ඩායම් පෙන්වා දී තිබේ.
The post මියන්මාරයේ බන්ධනාගාරයක පිපිරීමක්: 8 දෙනෙක් මරුට appeared first on මව්බිම.